gossiplanka alexa තව සති දෙකක් යන තෙක් සාමාන්‍ය මඟීන්ට පොදු ප්‍රවාහන සේවාව ලබා නොදීමට තීරණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තව සති දෙකක් යන තෙක් සාමාන්‍ය මඟීන්ට පොදු ප්‍රවාහන සේවාව ලබා නොදීමට තීරණය කරයි

සාමාන්‍ය ජනතාවට හෙට (11) සිට සති දෙකක් ප්‍රවාහන පහසුකම් සලසා නොදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව හෙට දින සිට ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු රාජ්‍ය අංශය හා පුද්ගලික අංශයේ රාජකාරි කටයුතු සිමාවන් අනුව ආරම්භ කළ දළ පොදු ප්‍රවාහන කටයුතු වලදී සාමාන්‍ය ජනතාවට අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා යොමු වීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ සඳහන් කළේ.

ඒ අනුව මිට පෙර ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය සැලසුම් කර තිබු ලෙසම ලංගම සහ ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ප්‍රවාහන පහසුකම් සපයනු ඇති.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ රජය විසින් රට පෙර පැවැති තත්වය ගෙන ඒමට නම් කොරෝනා වෛරසය මැඩලීමට ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට ලබාදුන් උපදෙස් අනිවාර්යෙන්ම තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බවයි.

ප්‍රවාහන සේවා විධිමත්ව පවත්වාගෙන යාමට ජනතාව ඒ සඳහා පුර්ණ සහයෝගය ලබාදිය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්  ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පෙන්වා දෙන්නේ රජය විසින් හෙට දින රට නැවතත් විවෘත කිරීම සිදු කරන්නේ ජනතාවට අනවශ්‍ය ගමන්බිමන් යාම සඳහා නොව රටේ අඩාලවූ ආර්ථිකය යළිත් ගොඩනගා ගැනීමට බවයි.

කෙසේ වෙතත් මහජනතාව වගකීමකින් තොරව කටයුතු කළහොත් මෙම වසංගත තත්වය යළි ඔසවා රටම තවත් මාස කිහිපයකට වසා තැබීමට සිදු විය හැකි බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

මේ අතර දුම්රිය ආඥාපනත තදින්ම ක්‍රියාත්මක කරන අතර දුම්රිය තුළ හෝ දුම්රිය මාර්ගයට කෙළ ගැසීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu