gossiplanka alexa කොරෝනා අවධානම තවම ශ්‍රී ලංකාවෙන් පහව ගොස් නැහැ - සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා අවධානම තවම ශ්‍රී ලංකාවෙන් පහව ගොස් නැහැ - සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්

ට හෙට (11) දිනයේදී විවෘත කිරීමෙන් පසු කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට මින් පෙර කටයුතු කළ ආකාරයම ඉදිරියටත් කටයුතු කිරීම වැදගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

ඔහු සඳහන් කළේ වෛරසය පාලනයට පසුගිය කාල සිමාවේ ගනු ලැබූ තීන්දු නියෝග මින් ඉදිරියටත් බලාත්මක බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා, " තවදුරටත් කොරෝනා වෛරසය මර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග ඉදිරියටත් සිදුකරගෙන යාම සිදුවෙනවා. රට විවෘත කළා කියා කොරෝනා අවධානම පහව ගොස් තිබෙනවා කියලා කිසිවෙකුත් සිතීම වැරදියි. ඒ සඳහා තව බොහෝ කාලයක් ගත වේවි.

හෙට සිට යම් සීමාවන්ට යටත්ව රාජ්‍ය සහ පුද්ගලික කාර්යාල, විශාල සහ කුඩා ව්‍යාපාර, ප්‍රවාහන සේවාවන් ඇතුළු සමස්ත සමාජය අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත්. එම කටයුතු කෙසේ කළ යුතුද යන්න සම්බන්ධයෙන් පසුගිය කාල වකවානුව තුලදී උපදෙස් පත්‍රිකා මගින් දැනුවත් කිරීමේ කටයුතු සිදුකරනු ලැබුවා.

ඉදිරියේදී කොරෝනා ආසාධනය වූ රෝගීන් වාර්තා වුවහොත් ඊට අදාළ කටයුතු සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම්. ඔබට යම්කිසි මොහොතක ශ්වසන ආසාධනයන්, හෙම්බ්රිස්සාව, කැස්ස සහ උණ රෝගයෙන් පෙලෙන පුද්ගලයෙක් නම් කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර කිරීමට නම් කර ඇති දිවයින පුරා පිහිටි විශේෂ රෝහල් 30 තුල පිහිටි හුදෙකලා වාට්ටු සංකීර්ණ වෙත ඇතුල්වීමට ඉඩ තියෙනවා නැත්නම් 1390 හෝ 1990 යන දුරකථන අංක වෙතින් අවශ්‍ය උපදෙස් ලබාගන්නත් පුළුවන්".
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu