කොරෝනා වෛරසය ආසාදිතව රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් 8 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව තහවුරු වී තිබෙනවා.

ඉන් 7 දෙනෙකු කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකු වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මේ අතර කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම ඔහු  ජාතික උණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම රෝගියා එකී පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබෙන්නේ තොරතුරු වසන් කර බවයි ආරංචි මාර්ග පවසන්නේ. 

මේ වන විට ඔහුට ප්‍රතිකාර කල කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.