gossiplanka alexa ජපන් වාහන මිල වැඩි වන අයුරු දැනගන්න, කියවන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජපන් වාහන මිල වැඩි වන අයුරු දැනගන්න, කියවන්න

gossip lanka news
මෙරටට ආනයනය කරනු ලබන  ජපන් වාහන වර්ග රැසක මිල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පෙරේරා මහතා පවසනවා. ඒ  ජපන් යෙන් එකක වටිනාකම රුපියල් 1.63 සිට 1.78 දක්වා වැඩිවීම හේතුවෙන්. 

මේ හේතුව නිසා දින කිහිපයක් තුළ වාහනවල සී .අයි. එෆ් වටිනාකම එනම් ජපානයෙන් වාහනය නැව්ගත කරන අවස්ථාව වන විට එහි පවතින වටිනාකමෙන් 10% ක පමණ මිල වැඩිවීමක් සිදුවන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. 

ඒ අනුව පහත පරිදි වාහන මිල වැඩිවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සුසුකි වැගන් ආර් රථයක මිල රුපියල් 1,70,000 කින්ද, 
ටොයෝටා පැසෝ වාහනයක මිල රුපියල් 1,60,000 කින්ද , 
ටොයෝටා විට්ස් වාහනයක මිල රුපියල් 2,40,000 කින්ද , 
ටොයෝටා ඇක්සියෝ වාහනයක මිල රුපියල් 3,75,000 කින්ද , 
ටොයෝටා ප්‍රිමියෝ වාහනයක සහ හොන්ඩා වෙසල් වාහනයක මිල රුපියල් 4,00,000 කින්ද, 
ටොයෝටා සී.එච්.ආර් වාහනයක මිල රුපියල් 4,72,000කින්ද 
හොන්ඩා ග්‍රේස් වාහනයක මිල රුපියල් 350,000 කින්ද 
මේ වසරේ මුල් භාගයේ වෙළෙඳපොළට හඳුන්වාදුන් ටොයෝටා රයිස් වාහනයක මිල රුපියල් 4,00,000 කින්ද වැඩි වනු ඇති. 

මෙම වැඩිවීම්වලට සාපේක්ෂව අනෙකුත් සියලු ජපන් වාහනවල මිලද වැඩිවන බවද  ඒ අනුව වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයන් හට මේ වන විට ප්‍රදර්ශනාගාරවල පවතින වාහන පැවති මිලටම ලබාදීමට සිය සංගමය තීරණය කළ බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu