gossiplanka alexa රටවල් කිහිපයක සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රටවල් කිහිපයක සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කෙරේ

යේ මධ්‍යම රාත්‍රියේ සිට මාර්තු මස 28 වන දින දක්වා දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවල සිට එන කිසිදු ගුවන් මගියෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කර තිබෙනවා. එසේම එමෙන්ම එම රටවල පසුගිය දින 14 ක කාලය ඇතුළත රැඳී සිටි කිසිවකු කිසිදු රටක ගුවන් තොටුපළක් හරහා හෝ ශ්‍රී ලංකාවට රැගෙන ඒමටද ගුවන් සමාගම් වලට තහනම් කර තිබෙනවා. 

මේ අතර දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණි තවත් 200 ආසන්න පිරිසක් ඊයේ දිනයේදීද නිරෝධායන සඳහා මධ්‍යස්ථාන තුනක් සදහා යොමු කරනු ලැබුවා. මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය, කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානය සහ දියතලාව යුද හමුදා කඳවුරට මොවුන් ‍රැගෙන ගොස් තිබෙනවා. 

යුද හමුදාව විසින් නිවේදනයක් කර ප්‍රකාශ කර සිටියේ කිසිවකු නිරෝදායනය සඳහා අකමැත්ත දක්වන්නේ නම් ඔවුන් පැමිණි රටවලටම ආපහු හරවා යවන බවයි. එසේම සැප පහසුකම් මදි පුද්ගලයන් වෙතොත් ඔවුන් සඳහා ගෙවීමේ පදනම මත කොළඹ තරු පන්තියේ හෝටල් සූදානම් කිරීමේ කටයුත්තක්ද වාර්තා වුණා. 

කෙසේ වෙතත් ඊයේ දිනයේ දී පැමිණි කිසිවෙකුත් පෙර දෙදින පැමිණි කණ්ඩායම් මෙන් සැප පහසු කාමර පහසුකම් ඉල්ලීම හෝ නිරෝධායනය ප්‍රතික්ෂේප කර නොමැති බවයි වාර්තා වන්නේ. 

මේ අතර කොරොනා වෛරසය නිසා ඉන්දියාවේ  පළමුවරට මරණය වාර්තා වී තිබෙනවා. ඒ කර්ණාටක ප‍්‍රාන්තටයේ 79 හැවිරිදි පුද්ගලයෙක්. මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනබවයි විදෙස් වාර්තා වැඩි දුරටත් කියා සිටින්නේ. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu