gossiplanka alexa ජනාධිපති ප්‍රතික්ෂේප කල එ.ජා.ප යෙන් ඉදිරිපත් වූ ඇමති නාමයෝජනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපති ප්‍රතික්ෂේප කල එ.ජා.ප යෙන් ඉදිරිපත් වූ ඇමති නාමයෝජනා

රාවුෆ් හකීම් මහතා නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන කැබිනට් ඇමැති ධූරයෙන් ද, කබීර් හෂීම් මහතා මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති ධූරයෙන් ද, රිෂාද් බදියුදීන් මහතා කර්මාන්ත වානිජ දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිම් සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය ධූරයෙන් ද , අබ්දුල් හලීම් මහතා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති ධූරයෙන් ද ඉකුත් දා ඉල්ලා අස්වුණා. 


ඒ වෙනුවට. කර්මාන්ත වානිජ කටයුතු නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා වැඩබලන, කර්මාන්ත හා වානිජ දිගුකාලින අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිම සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැතිවරයා ලෙස ද නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන මහතා, වැඩබලන නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ද ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මිය, වැඩබලන මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැතිවරයා ලෙසද ජනාධිපතිවරයා විසින් පත්ළ බවට වාර්තා වුණා.

ජනාධිපතිවරයාගේ එම පත් කිරීම් වලට කලින් කැබිනට් ඇමැතිධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල වැඩ බැලිමට පත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින්  ඇමැතිවරුන්ගේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා විසින් එම නම්  ප්‍රතිකේෂප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. එසේ නම් කරන ලද ඇමතිවරුන් වන්නේ  රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම හා රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන් බව සඳහන්. 

මේ තතත්වය තුළ ජනාධිපතිවරයාත්,ආණ්ඩුවත් අතර දේශපාලන අර්බුදය තවත් උග්‍රවී ඇතැයි දේශපාලන විශ්ලේශකයෝ පෙන්වා දෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu