gossiplanka alexa රාජ්‍ය බුද්ධි සේවාවේ නව ප‍්‍රධානියා මේජර් ජෙනරාල් කෙනෙක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය බුද්ධි සේවාවේ නව ප‍්‍රධානියා මේජර් ජෙනරාල් කෙනෙක්

නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පා ඩු රාජ්‍ය බුද්ධි සේවාවේ  ප‍්‍රධානී තනතුරට  මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලතුංග පත්කර තිබෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින්. මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලතුංග ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනා විධායක ලෙස කටයුතු කළා. එම තනතුර සඳහා මේජර් ජෙනරාල් ප‍්‍රභාත් දෙමටම්පිටිය අලුතින් පත්කර තිබෙනවා.  


නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට පෙර පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ද ලබා දුන්නා.  සිසිර මෙන්ඩිස් මහතා ඉකුත් 8 වැනිදා සෞඛ්‍ය හේතුන් මත සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා. 

මේ අතර නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස බි‍්‍රගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක පත් කිරීමට නිර්දේශ කර තිබෙනවා. ඒ, එම ධුරයේ කටයුතු කළ මේජර් ජෙනරාල් ජනක වල්ගමගේ සේවා කාලය අවසන්වීමත් සමඟයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu