gossiplanka alexa 'ෆෝන් දෙකක් තියාගෙන ඒකට ඇණ ඇණ ඉන්නවා ඒක දිහෑ බලාගෙන" - ජනාධිපති හේතු දක්වයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

'ෆෝන් දෙකක් තියාගෙන ඒකට ඇණ ඇණ ඉන්නවා ඒක දිහෑ බලාගෙන" - ජනාධිපති හේතු දක්වයි

තැම් නිලධාරීන්ට ආරක්‍ෂක මණ්ඩලයට පැමිණෙන ලෙසට ආරාධනා නොකළේ එම පුද්ගලයින්ගේ හැසිරීම හේතුවෙන් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. 

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ආරක්‍ෂක මණ්ඩලයේදී පවා එවැනි හැසිරීම් හේතුවෙන් රටේ ආරක්‍ෂාව පිළිබඳ ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් හෝ දැනුවත්වීමක් ඔවුන් තුළ නොතිබූ බවයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පඩුවස්නුවර, කොටකිඹුල ප‍්‍රදේශයේ එල්ලංගා වාරි ක‍්‍රමයට අනුව නිර්මාණය කිරීමට යෝජිත අමුණ සඳහා වැඩ ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින්. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මෙවන් දෙයක්.

"සමාජ වෙබ් අඩවි තමයිඅද තමුන්නාන්සේලගෙ අතෙ තියන් ඉන්නේ. බොහෝ විට ඔළුව යන්නේ එතනට. රජයේ නිළධාරීන් කැඳවපුවම ‍රැස්වීමකට ඒ ගොල්ලන්ගෙ අතෙත් ෆෝන් එක තියාගෙන ඒක දිහා බලාගෙන ඇණ ඇණ ඉන්න එක තමයි කරන්නෙ. ඇමති මණ්ඩලය ‍රැස් කරපුවහම ඇමති මණ්ඩලයට එන ඇමතිවරුත් ෆෝන් එක තියාගෙන ඇමති මණ්ඩලයෙ සාකච්ඡා කරන්නෙ මොනාවද කියලා දන්නෙ නැතුව ඒකට ඇණ ඇණ ඉන්නවා. මම දැන් අවුරුද්දකට දෙකකට ඉස්සෙල්ලා ඇමති මණ්ඩලයට මොබයිල් ෆෝන් එක ගෙන එක නැවැත්තුවා. 

මේ දවස්වල බොහෝ සාකච්ඡාවට සංවදයට ලක්වෙලා තිබෙන අප්‍රේල් 21 මහා මිනිස් ඝාතනය සමඟ රටේ ඇති වුණු ප්‍රශ්නවලදි කියවෙන්නෙ ඇතැම් පරීක්ෂණ මණ්ඩලවල, මාධ්‍ය තුළ ජාතික ආරක්ෂාව පිළිබඳ, ජාතික ආරක්ෂක මණ්ඩලය පිළිබඳව, ජාතික ආරක්ෂක මණ්ඩලයට අහවල් පුද්ගලයා ආවෙ නෑ. එයාට එන්න දුන්නේ නෑ එයාව ගෙන්න ගත්තෙ නෑ කියලා සමහර වෙලාවට කියවෙනවා. ජාතික ආරක්ෂක මණ්ඩලයට අයිති සමහර අයව මං තහනම් කෙරුව. එහෙම තහනම් කෙරුවෙ ආපුවම වාඩිවෙලා ටෙලිෆෝන් දෙකක් තුනක් තියාගෙන ඒකට ඇණ ඇණ ඉන්න එක තමයි කරන්නෙ. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඒවා තමයි හේතු එළියට දාන්න. රටේ ජාතික ආරක්ෂාවට කතා කරන්නෙ මොනවද? සාකච්ඡා කරන්නෙ මොනවද? ගන්න තීන්දු මොනවද? ඒවා මුකුත් නෑ. ෆෝන් දෙකක් තියාගෙන ඒකට ඇණ ඇණ ඉන්නවා ඒක දිහෑ බලාගෙන"
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu