gossiplanka alexa "කොච්චර මිනිහෙක් දියුණුවෙන්න හැදුවත් හවසට සංසාරේ එපා වෙනවා" - ජනාධිපති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"කොච්චර මිනිහෙක් දියුණුවෙන්න හැදුවත් හවසට සංසාරේ එපා වෙනවා" - ජනාධිපති

මන්ගේ ධූර කාලය තුළ කිසිදු විදේශීය හමුදාවක් මෙරටට ගෙන්වීමට ඉඩ නොදෙන බව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද පස්වරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක් වෙමින්. 

සභාව අමතමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් මෙලෙස කියා සිටියා. 

"ඇයි මේ රටේ දුප්පත්කම දුගී භාවය වැඩි. හේත් ගණනාවක් තිබෙනවා. දේශපාලඥයො හොරකම් කරන එක. ආණ්ඩුවල බරපතල වංචා දූෂණ සිද්ධ වෙන එක. රාජ්‍ය නිලධාරීන්ගෙන් ඇතැම් වෙලාවට අමත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට හොරකම් කරන එක, වරාය, දේශීය ආදායම්, සුරා බදු, වැනි ආයතනවලින් රජයට ලැබෙන අති විශාල ආදායම් මුදල අහිමි වීම විදුලි බල මණ්ඩලයේ දවසකට කෝටි ගාණක් පාඩු වෙනවා. ජලපවාහන මණ්ඩලයේ දවසකට කෝටි ගාණක් පාඩුයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය බිලියන් එකසිය හතලිස් එකයි දැන් ණය. කෝටි ගණන් පාඩු විඳින්නෙ, හොරකම සහ දූෂණය සහ වංචාව. 

මාත් ආණ්ඩුවෙ රස්සාවල් කෙරුවා. ආණ්ඩුවෙ නොවන රස්සාවල් කෙරුවා. ඒවායින් ඉල්ලා අස් වුණා. වැව්වා, සත්තු හැදුවා. ඔක්කොම මමත් කෙරුවා. හැබැයි ඒ ඔක්කොම දාලා ජනතාවගේ ආශිර්වාදය ලැබුණා මන්ත්‍රීවරයෙක්ගෙ ඉඳලා ජනාධිපතිවරයා දක්වා යන්න. අඩු ආදායම් ලාභී පවුලක කරන සියළු දේවල් මමත් කලා ජීවත් වෙන්න. කුකුල් කො‍ටු දැම්මා. මිරිස් වැව්වා. කොච්චර මිනිහෙක් දියුණුවෙන්න හැදුවත් හවසට රූපවාහිනිය දිහා බලන් හිටියම ඒ මිනිහට සංසාරේ එපා වෙනවා. අයියෝ මේ රටේ කොහොමද අපි දියුණුවෙන්නෙ කියලා. දේශපාලඥයොයි රටෙ නැති එක එක්කෙනයි ඇවිත් ඇවිත් රණ්ඩුවෙනවා, බැන ගන්නවා. බොරු කියන එකේ සීමාවක් නෑ. 

ඒ අතරට මම දැක්කා අද පත්තරේ තියනවා මහානායක ස්වාමීන්වහන්සේලා ඉල්ලීමක් කරලා රජයෙන් විදේශ හමුදා රටට ගෙන්නන්න එපා,එහෙම ගෙන්නනවනම් විරුද්ධයි කියලා. කිසිම විදේශ හමුදාවක් ගෙන්නන්න මේ ආණ්ඩුව කවුරුත් එක්කවත් එහෙම එකඟතාවක් නෑ. මම මේ තනතුරේ ඉන්නකල් මේ රටට කිසිම විදේශ හමුදාවක් ගෙන්නන්න ඉඩ තියන්නේ නැහැ කියන සහතිකය මං තමුන්නාන්සේලට දෙනවා"
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu