gossiplanka alexa "ඔය කියන වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8000ක් පමණ සිදුකරපු බවට පිලි අරන් තියෙනවා" - සැක සහිත වෛද්‍යවරයා අත් අඩංගුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"ඔය කියන වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8000ක් පමණ සිදුකරපු බවට පිලි අරන් තියෙනවා" - සැක සහිත වෛද්‍යවරයා අත් අඩංගුවට

ජාතික තව්හිද් ජමාද් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයෙකු මව්වරුන් පිරිසකට වන්ද්‍යකරණ සැත්කම් සිදු කර ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මෙන්ම අද පැවැති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළ වුණා.

අදාළ පුවත පිළිබඳ තොරතුරු සෙවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කමිටුවක් පත් කර තිබෙනවා.


මේ අතර  කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පවසන්නේ වඳ සැත්කම් සිදුකල බවට චෝදනා එල්ලවි තිබෙන සෙයිගු සියාබ්දින් මොහොමඩ් සාෆි නම්  වෛද්‍යවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.  කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පවසා සිටින්නේ, 

"ඔය කියන වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8000ක් පමණ සිදුකරපු බවට පිලි අරන් තියෙනවා. ඒ වගේම ඒ සැත්කම් වලින් 4000ක් විතර ඔහු වඳ සැත්කම් කලා කියලා චෝදනා එල්ල වෙලා තියෙනවා. අපි ඒ ගැන විමර්ශනයක් සිදුකරනවා. ඊට අමතරව මේ වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේදි අලුත උපන් දරුවෙක්ව වෙනත් පවුලකට ලබාදිලා තියෙනවා. ඒ දරුවා බිහිකරපු මවගේ කැමත්ත මත. හැබැයි එහෙම කරලා තියෙන්නේ දරුවගේ නම වෙනස් කරලා. අපි ඒ ගැන විමර්ශනයක් සිදුකලා. ඒ වාර්තාව මේ වෙන කොට සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කරලා තියෙන්නෙ" යනුවෙන්. 

එම වෛද්‍යවරයා විසින් සිදු කල සිසේරියන් සැත්කම් වලට භාජනයවු කාන්තාවන් වඳ භාවයට ලක්වු බවට නැගි ඇති චෝදනා සම්බන්ධයෙන් තමයි මෙම පරීක්ෂණ සිදුවන්නේ. 

සැක සහිත ආකාරයට වත්කම් උපයා ගනු ලැබු බව කියන තොරතුරකට අනුව කුරුණෑගල පොලිසිය විසින් මෙම වෛද්‍යවරයා ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.  42 හැවිරිදි මෙම වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේ සේවය කරනු ලබනවා. මෙම වෛද්‍යවරයා සතු වත්කම් සම්බන්ධයෙන් සහ එම වත්කම් කෙසේ ලැබුනේද යන්න සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට විමර්ශන සිදුකරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu