gossiplanka alexa "මගේ ගමේ තියෙන පාසලක තිබිලා අද බෝම්බ වගයක් හම්බවෙලා තියෙනවා. ඒවා හමුදාව ගහන ජාතියේ බෝම්බ කියලයි කියන්නේ" - අසාද් සාලි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මගේ ගමේ තියෙන පාසලක තිබිලා අද බෝම්බ වගයක් හම්බවෙලා තියෙනවා. ඒවා හමුදාව ගහන ජාතියේ බෝම්බ කියලයි කියන්නේ" - අසාද් සාලි

ස්ලාම් දේවස්ථාන පරීක්ෂා කිරීමට විරුද්ධව ඇතැම් පිරිස් හඬ නගා සිටිනවා. විශේෂයෙන් ඇතැම් මන්ත්‍රිවරුන්.
ඒ අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පවසන්නේ ඉස්ලාම් දේවස්ථානවල තවදුරටත් සිදුකෙරෙන සෝදිසි මෙහෙයුම් වහාම නතර කරන්නැයි ආරක්ෂක කවුන්සිලයෙන් තමන් ඉල්ලා සිටින බවයි. 


" ජනතාවට ඉවස ගන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. විශේෂයෙන්ම කලකිරිලා තියෙන්නේ, විශේෂයෙන් මුස්ලිම් ජනතාවට රැවුලක් වවන්න බැහැ. පොලිසියෙන් අසභ්‍ය  වචන වලින් බනිනවා හමුදාව පයින් ගහනවා විතරක් නෙමෙයි කුරානයත් විසික් කරනවා.තව දුරටත් මේක  මේ විදිහට ඉස්සරහට ගියොත් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලයි නතර වෙන්නේ. මගේම ගමේ තියෙන පාසලක තිබිලා අද බෝම්බ වගයක් හම්බවෙලා තියෙනවා. ඒවා හමුදාව ගහන ජාතියේ බෝම්බ කියලයි කියන්නේ. එක ඉස්ලාමි පල්ලියක් 7 පාරක් විතර පරික්ෂාවට ලක් කරනවා. මම මේ ගැන අද ආරක්ෂක මණ්ඩලයේදී කතා කරන්නයි ඉන්නේ" බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu