gossiplanka alexa නවසීලන්තයේ ප්‍රහාරය හේතුවෙන් ක්‍රිකට් තරඟ ද අවලංගු කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නවසීලන්තයේ ප්‍රහාරය හේතුවෙන් ක්‍රිකට් තරඟ ද අවලංගු කෙරේ

ලෝකයේ ත්‍රස්තක්‍රියා නිසා සිදුවන ජීවිත හානි දවසින් දවස වැඩි වීමක් තමයි අහන්න තියෙන්නෙ. නවසීලන්තයෙන් ද අද වාර්තා වුණේ මේ වගේ ඛේදජනක සිදු වීමක්.


නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අල් නූර් හා ලින් වුඩ් මස්ජීඩ් නමැති මුස්ලිම් දේවස්ථාන දෙකක් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තාවනවා. තවත් 20 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද වාර්තාවල සඳහන්.

සිකුරාදා දිනයේ පවත්වන විශේෂ දේව මෙහෙයට සහභාගී වීම සඳහා පැමිණ සිටි පිරිසක් තමයි මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

දේවස්ථානයේ ආගමික වාතාවත් සිදු කිරීමට බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකයින් ද ඒ අවස්ථාවේ සහභාගී වී තිබෙනවා. එම වෙඩි තැබීමෙන් තම කණ්ඩායමේ කිසිදු සාමාජිකයෙකුට බලපෑමක් නොවූ බවත් තම කණ්ඩායම එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් වූ බවත් බංග්ලාදේශ ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

ගිනිඅවි කිහිපයකින් සන්නද්ධව මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරු, ඉවක් බවක් නොමැතිව දේවස්ථානය තුළ සිටි සියලු දෙනා ඉලක්ක කර වෙඩි තබන අයුරු දැක්වෙන ඔහු විසින්ම පටිගත කළ විඩියෝ පටයක් මේ වන විට මාධ්‍යයට නිකුත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවක් ඇතුළු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මේ හේතුවෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ – නවසීලන්ත තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ද අවලංගු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu