gossiplanka alexa ෂම්මිව කපා කොටා තුවාල කළ පලිය ගන්න ආමි මංජුට වෙඩි තබා ඝාතනය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ෂම්මිව කපා කොටා තුවාල කළ පලිය ගන්න ආමි මංජුට වෙඩි තබා ඝාතනය කරයි

යේ (14) උදෑසන 10.30 ට පමණ පුද්ගලයින් කිහිපදෙනෙකු ත්‍රීරෝද රථයකින් නිවෙස් බලා යමින් සිටියදී තවත් ති‍්‍රරෝද රියකින් සහ මෝටර් රථයකින් පන්නාගෙන ආ සන්නද්ධ පිරිසක් විසින් මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු ඝාතනයට ලක්ව ඇත.

ඝාතනයට ලක් වූ දෙදෙනා ඇතුලු පිරිස ඊයේ උදෑසන මොරටුව අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවකට ඉදිරිපත් වී නිවෙස් බලා යමින් සිටියදීයි මෙම ප්‍රහාරයට මුහුණ දී ඇත්තේ.

මෙම ප‍්‍රහාරයෙන් එක් පුද්ගලයකු බරපතළ ලෙස තුවාල ලබා ඇති අතර ඝාතනයට ලක්ව ඇත්තේ මොරටුව, මෝල්පේ පදිංචි දමින්ද ඉරෝෂන් නොහොත් ආමි මංජු  සහ මින්තක සඳරුවන් නමැති විසි හැවිරිදි තරුණයෙකි. බරපතළ තුවාල ලබා ඇත්තේ ඝාතනයට ලක්වූ ආමි මංජුගේ පුත‍්‍රයා වන අතර වෙඩි  ප‍්‍රහාරය එල්ලවන අවස්ථාවේදී ආමි මංජුගේ බිරිඳ ද ති‍්‍රරෝද රථයේ ගමන් කරමින් සිට ඇති අතර ඇයට කිසිදු අනතුරක් සිදුව නැත.

මෙම වෙඩි ප්‍රහාරයට හේතුව වී ඇත්තේ මොරටුව මෝල්පේ ප‍්‍රදේශයේ පදිංචි දෙපිරිසක් අතර කාලයක් තිස්සේ පවතින ආරවුලක් බව විමර්ශනවලින් හෙළි වී ඇත.
 
මොරටුව මෝල්පේ ප‍්‍රදේශයේ පදිංචි ‘‘ෂම්මි’’ නමැති පුද්ගලයකු මීට මාස 4ට පමණ පෙර කපා කොටා බරපතළ තුවාල සිදුකර තිබිණි. එලෙස ෂම්මි නැමති පුද්ගලයාව  කපා කොටා බරපතළ තුවාල සිදුකර ඇත්තේ ආමි මංජු ඇතුලු තිදෙනකු බවත් එම හේතුවෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණි. පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් ආමි මංජු නමැත්තා අත්අඩංගුවට පත්වූ අතර මාස කිහිපයක් තිස්සේ රක්‍ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැරීමෙන් පසු ඔහු යළි මොරටුවට පැමිණ ඇත්තේ මීට ටික කලකට පෙරය.

මොරටුව අධිකරණයේ එම සිද්ධියට අදාළ නඩුව ඊයේ විභාගයට ගත් අතර ආමි මංජු ඇතුළු පිරිස ඊට පෙනී සිට පසුව නිවෙස් බලා යමින් සිටියදී ති‍්‍රරෝද රථයකින් සහ මෝටර් රථයකින් පන්නාගෙන ආ ෂම්මි නමැත්තා ඇතුළු පිරිසක් රිපීටර් වර්ගයේ ගිනි අවියකින් මෙම ප‍්‍රහාරය එල්ල කර පළාගොස් ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu