gossiplanka alexa රියදුරු බලපත්‍රය ඉක්මනින් ගන්න - නිවාඩු දවසටත් වැඩ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රියදුරු බලපත්‍රය ඉක්මනින් ගන්න - නිවාඩු දවසටත් වැඩ

දිසි අනතුරු  ගැන දවසෙන් දවස අහන්න ලැබෙන්න එතරම් හොඳ ආරංචි නම් නෙමේ. මාරක රිය අනතුරු දැන් බෙහෙවින් වැඩිවෙලා. රියදුරන්ගේ අපරික්ෂාකාරී ධාවනය තමයි මේ ගොඩක් රිය අනතුරුවලට හේතුවෙලා තියෙන්නේ.
මේ නිසාම රියදුරු බලපත්‍ර ලබා දීමේ දී වඩාත් සැලකිල්ලක් දැක්වීම ඉතාමත් කාලෝචිතවනවා. ඒ වගේම නිසි සුදුසුකම් සපුරා ඇත්නම් රියදුරු බලපත්‍රයක් අවශ්‍ය වූ විට  ප්‍රමාද නොවී ලබා ගැනීමට හැකි වීම ද වැදගත් කරුණක්.

මේ තත්ත්වය සලකා බලා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේත් විවෘතව තැබීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එහි පළමු අදියර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයෙන් ආරම්භවනවා.

ඒ අනුව සතියේ දින මෙන් සෙනසුරාදා දිනයේදී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ අලූත් කිරීම, රියදුරු බලපත්‍ර සඳහා ඉල්ලූම්පත්‍ර භාරගැනීම සහ පරික්ෂණ සේවාවන් සිදු කෙරෙනු ඇති.

ඊට සමගාමීව ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාලද ලබන 23 වනදා සිට සෑම සෙනසුරාදාවකම විවෘතව පවතින බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මෙම තීරණ ගැනීමේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වඩා කාර්යක්ෂම සේවාවක් සැපයීමයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu