gossiplanka alexa ගෝඨා ඇමරිකානු පුරවැසිභාවය අත හැරියේ ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨා ඇමරිකානු පුරවැසිභාවය අත හැරියේ ?

මරිකා එක්සත් ජනපදයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආගමන හා ජාතිකත්ව පනතේ 349/A5 වගන්තියට අනුව ස්වේච්ඡාවෙන් පුරවැසිභාවය අහෝසි කර ගැනීමට හැකියාව තිබෙනවා.


සිහිකල්පනාවෙන් තොරව එම අයැදුම්පත භාරදීම හා කුඩා වියේ සිටින දරුවකු විසින් පුරවැසිබව ප්‍රතික්ෂේප කිරීමේ අයැදුම්පත භාරදීම යන කරුණු දෙකේදී හැර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පුරවැසිභාවය ප්‍රතික්ෂේප කිරීමේ අයදුම්පත් භාරගනු ලබනවා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ඇමෙරිකානු පුරවැසිකම ප්‍රතික්ෂේප කරමින් පසුගිය 6 වැනිදා (බදාදා) ඇමෙරිකානු තානාපති කාර්යාලයට අයැදුම්පත්‍රයක් භාරදී තිබෙනබවට වාර්තාවනවා.

පුරවැසිභාවය ප්‍රතික්ෂේප කර අයැදුම්පත්‍රය භාර දීමෙන් පසු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එය පිළිගත්විට නිසි දිවුරුම් ප්‍රකාශයක් සිදු කිරීම සහ  ගුවන් ගමන් බලපත්‍රයද භාරදීම සිදු කළ යුතුවනවා.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ඇති ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගොස් දිවුරුමක් ලබාදී සිය සන්තකයේ ඇති ගුවන් ගමන් බලපත්‍රයද භාරදීමට නියමිතය.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට මෙම මස 26 වැනි දින සිට අප්‍රේල් 12 වැනිදා දක්වා වූ කාලය තුළ විදේශගත වීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පසුගිය 15 වැනි දින අවසර ලබා දුන්නා. ඒ අනුව ඇමෙරිකාවේ වෙසෙන තම පුතුගෙන්ද එරට සිටින සිය හිතවතුන්ගෙන්ද සමුගෙන නැවත අප්‍රේල් 12 වැනි දින යළි පැමිණීමෙන් පසු සෙසු ලිපිලේඛන තානාපති කාර්යාලයට භාරදීමට සැලසුම් කර තිබෙනවා.

මෙසේ පුරවැසිභාවය ප්‍රතික්ෂේප කිරීම ඉදිරි මැතිවරණය සඳහා සූදානම් වීමක්ද යන්න ගැන බොහෝ දෙනා මත පලකර සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu