gossiplanka alexa බොරැල්ලේ ට්‍රැෆික් ඕ.අයි.සී මරණාසන්නව සිටි මොහොතේදී සහෝදර නිළධාරීන් එකතුකර දුන් මුදල් හොරු අරන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බොරැල්ලේ ට්‍රැෆික් ඕ.අයි.සී මරණාසන්නව සිටි මොහොතේදී සහෝදර නිළධාරීන් එකතුකර දුන් මුදල් හොරු අරන්

රිය අනතුරකට මුහුණ දීමෙන් බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා කොළඹ ජාතික රෝහල තුල ප්‍රතිකාර ලබමින් සිට අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.
රෝහල තුළ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතාගේ බ්රින්ද සතුව තිබූ මුදල් පසුම්බිය සොරකම් කළ බව කියන සංවේදී පුවතක් වාර්තා වන අතර මියගිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිය වන අනෝමා හතුරුසිංහ මහත්මිය  දැඩි සංවේගයෙන් යුතුව කරුණු පැහැදිලි කළේ පොලිස් ස්ථානාධිපතිවරයා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැටුප සහ පොලීසියේ සහෝදර නිලධාරීන් විසින් සම්මාදන් කොට ලබා දුන් මුදල මෙලෙස සොරකම් කර ඇති බවය.

එහිදී ඇය වැඩිදුරටත් සදහන් කලේ  දැඩි කම්පනය හේතුවෙන් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දොරටුව අසල තමන් බෑගය දමාගොස් තිබු අතර ඒ අවස්ථාවේදී මේ මුදල සොරාගත් තැනැත්තා මුදල් පසුම්බිය විවෘත කර මුදල් සොරාගෙන හිස් මුදල් පසුම්බිය අසල කසළ බඳුනකට දමා ගොස් තිබූ බවයි. කෙසේ නමුත් එම පරිශ්‍රයේ සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතිය අක්‍රීය වී තිබීම නිසා මෙම සොරකමට වගකිවයුත්තා සොයාගත නොහැකි වී අැති බවද වාර්තා වේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu