gossiplanka alexa ජනපති ඝාතන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් නාමල් කුමාර දුන් හඬ පට පොලිස්පතිගේ කටහඬට ගැළපයි..!

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනපති ඝාතන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් නාමල් කුමාර දුන් හඬ පට පොලිස්පතිගේ කටහඬට ගැළපයි..!

දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙක් හෙළිකළ හඬ පටයේ තිබූ කටහඬ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ බව රජයේ රස පරීක්ෂකවරයා සිදු කළ විමර්ශනයෙන් තහවුරු වී තිබෙනවා.
ඒ අනුව කොටුව මහෙස්ත්‍රාත්වරයාට අදාල කටහඬ සාම්පල් වාර්තාව  රජයේ රස පරීක්ෂකවරයා විසින් පසුගියදා භාර දී තිබෙනවා.

පසුගිය 17 වනදා දෙවැනි දිනටත් පැය තුනක කාලයක් මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර අදාළව හඬපට 23ක් දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබුණා. එම හඬපටවල පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ කටහඬ සටහන් වී තිබිණ. කෙසේ වෙතත්  මිට පෙරද හඬපට තහවුරු කිරීම සඳහා නාලක සිල්වාගේ කටහඬ සාම්පල් පරීක්ෂා කිරීමටද රස පරීක්ෂකවරයා කටයුතු කර තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu