Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label provincial. Show all posts

bus-service-provincial-cancel
ළාත් අතර පෞද්ගලික සහ ලංකා ගමනා ගමන බස් රථ සේවා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත් හි‍ටුවීමට තීරණය කර තිබෙනවා. 

මීට සමාන්තරව දුම්රිය ගමන්වාර ද පළාත් තුළට පමණක් සීමා කෙරෙනු ඇති. 

කොවිඩ් 19 වෛරස් තත්ත්වය පාලනය කිරීම සඳහා සියළු පළාත් අතර මැයි 30 වැනිදා දක්වා සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබෙනවා. 

කොවිඩ් මර්ධනය සඳහා වූ සියළු පාර්ශවයන් සමඟ ජනාධිපතිතුමා පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා. 

සීමා නිර්ණ කමිටු වාර්තාව ඉදිරිපත් නොකිරීම හේතුවෙන් නිල කාලය ඉක්ම වූ ඇතැම් පළාත් සභා මහජන නියෝජිතයන් නොමැතිව පවත්වාගෙන ගොස් ඇති කාලසීමාව මේ වනවිටත් අවුරුදු දෙකක් ඉක්මවා ගොස් තිබෙනවා.  ඌව පළාත් සභාව හැර සෙසු පළාත් සභා සියල්ලෙහිම නිල කාලය ඉක්ම ගොස් ඇති අතර, ඒ සියල්ල පාලනය කරනු ලබන්නේ පළාත් ආණ්ඩුකාරවරුන් විසින්.  

සීමා නිර්ණ කමිටු වාර්තාවක් නොමැතිව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් සිදුකරනු ලැබුවා.  ඒ අනුව එළඹෙන 23 වන දා ජනාධිපතිවරයාගේ මෙම මත විමසුම පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බැලීමට නියමිත වනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page