gossiplanka alexa දෙස් විදෙස් පුද්ගලයින්ට මෙරට පළාත් අතර ගමනාගමනය ගැන තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දෙස් විදෙස් පුද්ගලයින්ට මෙරට පළාත් අතර ගමනාගමනය ගැන තීරණයක්

inter provincial transport for local and foreignersස් රථ ධාවනය සහ දුම්රිය ධාවනය අද (17) සිට අගෝස්තු 01 වනදා දක්වා අත් හි‍ටුවීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් අගෝස්තු 01 වනදා සිට අත්‍යාවශ්‍ය සහ අත්‍යාවශ්‍ය නොවන ලෙස කණ්ඩායම් වෙන් නොකර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව පවතිනවා. 

නමුත් එසේ ධාවනය කරන බස් රථ සහ දුම්රිය සංඛ්‍යාව සීමා කිරීමට පියවර ගන්නා බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසන්නේ. ඒ අනුව ඕනෑම අයෙකුට ලබන අගොස්තු 01 වනදා සිට පළාත් අතර ගමන් කිරීමට අවස්ථාව සලසා දීමටයි අපේක්ෂා කරන්නේ. 

මේ අතර අද සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ට ජෛව බුබුළකට යටත්ව පළාත් අතර සංචරණය කිරීමට අවස්ථාව පවතිනවා. විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන කොරෝනා මර්දන එන්නත් දෙකම ලබාගෙන ඇති පුද්ගලයින්ට 07 වන දිනයේ දී සිදු කරන පී.සී.ආර් පරීක්ෂණයට අනුව ඔවුන්ව නිදහස් කිරීම සිදු කරනු ලබනවා. ඒ මෙරටට පැමිණෙන සංචාරකයින් ඇතුළු පුද්ගලයින් සඳහා නිකුත් කළ  නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුවයි. 

ඒ අනුව මෙරටට පැමිණෙන පුද්ගලයින්ට එලෙස සිදු කරන පළමු පී.සී.ආර් පරීක්ෂාවේ දී ආසාදිතයෙකු ලෙස තහවුරු නොවන්නේ නම් ඔවුන්ට නිරෝධායනය නොවී බැහැර යාමේ අවස්ථාව හිමිවනවා. 

නමුත් පූර්ණ කොරෝනා මර්දන එන්නත්කරණයකට ලක් වූ මවුපියන් සමඟ පැමිණෙන අවුරුදු 2ත් 18ත් අතර වයස් කාණ්ඩවල දරුවන් මෙසේ පී.සී.ආර් පරීක්ෂණයට යොමුකරන්නේ නැහැ. ඔවුන් දින 07කට පසුව පී.සී.ආර් පරීක්ෂණයකට පෙනී සිට එහි වාර්තාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ලබා දිය යුතුවනවා. 

එසේම විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් ගුවන් යානයට ගොඩවීමට පැය 72කට පෙර සිදු කරනු ලබන පී.සී.ආර් පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු විය යුතුයි. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu