ඒ අනුව අප්‍රේල් 18 වැනිදා සවස 3.00 සිට සවස 5.30 දක්වාත් 19 වැනිදා සිට 27 වැනිදා දක්වා දහවල් 12.00 සිට සවස 5.30 දක්වාත් විශේෂ දළදා දැක්ම පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අවස්ථාව මහජනතාවට උදාවන්නේ වසර 16කට පසුවයි.
දින දහයක් මුළුල්ලේ පැවැත්වෙන දළදා දැක්ම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන අතර කිසිදු බාධාවකින් හා අවහිරයකින් තොරව දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව උදාකර දීම සඳහා සියළු කටයුතු සූදානම් බවයි පැවසෙන්නේ.
විශේෂ දළදා ප්‍රදර්ශනයේදී ප්‍රධාන වශයෙන් පෝලිම් තුනකින් පැමිණෙන මහජනතාවට දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. දළදා වහන්සේ ප්‍රදර්ශනය සිදු කෙරෙන කාලවකවානුව තුළ මහනුවර ප්‍රදේශයේ පාසල් නිවාඩු ලබාදීමටත් ඒ සඳහා දරුවන්ගේ අධ්‍යාපනයට වෙනත් දිනයන්හි පාසල් පැවැත්වීමටත් යෝජනා වී තිබෙනවා.
දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ සනීපාරක්ෂක පහසුකම් සහ කසළ කළමනාකරණය පිළිබඳව සැලසුම් සකස්කර ඇති බවයි පැවසෙන්නේ. එසේම එම කාලවකවානුව තුළ දී විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට ආහාර ලබාදීම වෙනුවෙන් දන්සල් පැවැත්වීමට කැමැති පිංවතුන්ට ලියාපදිංචි වීම සඳහා අවස්ථාව ලබාදීමටද සාකච්ඡා වී තිබෙනවා.