2025 පළාත්පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා දැන්වීම ඊයේ (03) ඒ ඒ දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව, පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙනවා. විශේෂයෙන්ම කල්මුණේ මහ නගර සභාව, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව, මන්නාරම ප්‍රාදේශීය සභාව, පුනාකරි ප්‍රාදේශීය සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර ප්‍රාදේශීය සභා 336ක් සඳහා මෙම නාමයෝජනා භාරගැනීම සිදුකරනු ලබනවා.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමේ සභාපතිතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.