හිතකර පරිසර තත්ත්ව, සුලබ ආහාර, ස්වභාවික විලෝපිකයින් නොමැතිවීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් වගාවන්ට හානි කරන සතුන්ගේ ගහන ව්‍යාප්තිය ඉතා ඉහළ මට්ටමක පවතිනවා.
එසේම කෘෂිකාර්මික බෝග සඳහා හානිකරන වනජීවීන් නිසා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මාන්තය ද සැලකිය යුතු අර්බුදයකට මුහුණ පා සිටිනවා.
මෙලෙස වනජීවින් නිසා සිදුවන හානි වැළැක්වීමට සුදුසු විසඳුමක් ලබා දීමට අවශ්‍ය දත්ත රැස් කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව, 'වන සත්ත්ව හානි අවම කිරීමට අදාළ කමිටුව'ක් පත් කර ඇති අතර එමඟින් එළඹෙන මාර්තු 15 දින උදේ 8.00 සිට රිලවා, මොනරා, වඳුරා, දඬුලේනා යන වගාවට හානිකරන සත්ව විශේෂ 04ක් පිළිබඳ මූලික සංගණනයක් සිදු කිරීමට යෝජනා කර තිබෙනවා.
අදාළ කටයුතු සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින්.