gossiplanka alexa යුගදනව් බලාගාර ගිව්සුමේ සාක්ෂිකරුවන් නිසා මතු වූ විදුලිබල මණ්ඩල අර්බුදය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුගදනව් බලාගාර ගිව්සුමේ සාක්ෂිකරුවන් නිසා මතු වූ විදුලිබල මණ්ඩල අර්බුදය

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින් එම මණ්ඩලයේ සමාන්‍යාධිකාරී තනතුරට අණ පනත් නොතකමින් අචාර්ය සුසන්ත පෙරේරා පත් කිරීම විදුලි බල ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ගෙන යමින් තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහ ඔහු විසින් පත් කල සාමාන්‍යාධිකාරිවරයා යන දෙදෙනාම යුගදනව් ගිවිසුමේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කර තිබීම ගැටළුව තවත් උග්‍ර අතට හැරවීමට හේතුවක්. 

විදුලිබල මණ්ඩලයට සාමාන්‍යාධිකාරීවරයෙකු පත් කිරීමේ මෙතෙක් පැවති සම්ප්‍රදාය වී ඇත්තේ ජ්‍යෙෂ්ඨතම ඉංජිනේරුවරයා පත් කිරීමයි. ඒ අනුව එම තනතුරට සුදුසුකම් හිමිව ඇත්තේ ඉංජිනේරු රොහාන් අබේසේකර මහතාටයි. 

නමුත් අත්තනෝමතික ලෙස විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින් විදුලිබල මණ්ඩලයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටි සුසන්ත පෙරේරා මහතාට සමාන්‍යාධිකාරි තනතුර ලබා දීම සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරු සංගමයේ දැඩි විරෝධය පළ වී තිබෙනවා. විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස 1984 දී ලංකා විදුලි බල මණ්ඩලයට එක් වූ සුසන්ත පෙරේරා ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ) තනතුර ඇතුළු ඉහළ තනතුරු ගණනාවක්ම දරා වැඩ බලන සමාන්‍යාධිකාරී තනතුර ලබන විට සිටියේ විදුලිබල මණ්ඩලයේ සේවයෙන් විශ්‍රාම ගොස් විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස සේවය කරමින්ය. 

මෙම පත්වීමට විරෝධය දක්වන විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාර වඩුගේ මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත්තේ මේ අයුරින්. 

" මෙයාලට අවශ්‍ය වන්නේ තමන්ට අවශ්‍ය ඩොලර් හම්බකරගන්න විතරයි. රටේ මිනිස්සු වැටිලා ඉන්නේ. අර්බුද ගැන කිසිම කණගා‍ටුවක් මෙයාලට නැහැ. 

ජනතාව අමාරුවේ දාන්න බැරි නිසා අද ලෙඩ නිවාඩු දමා සිටියත් අත්‍යාවශ්‍යම ඉංජිනේරුවරු වැඩ කරනවා. වයෝවෘද්ධ මොළයේ පොට ගිය සමාන්‍යාධිකාරිවරයෙක් පත්කරගෙන කොහොමද වැඩ කරන්නේ. විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ජනාධිපතිවරයාගේවත්, අධිකරණයේවත් නියෝග පිළිපඳින්නේ නැහැ. අත්තනෝමතික ලෙස තමයි කටයුතු කරන්නේ. වැඩ වර්ජනයකට යන තත්ත්වයට පත් නොකර මේ ප්‍රශ්න විසඳගන්න කියලා තමයි අපි කියන්නේ. 

අවුරුදු 60ට අඩු කෙනෙක් තමයි පත් කල යුත්තේ සමාන්‍යාධිකාරිවරයා විදියට. විශ්‍රාම ගිය කෙනෙක් නෙමෙයි. විදුලිබල මණ්ඩලයේ ඉන්නවා අවුරුදු 40ක් විතර සේවය කරපු අය. එහෙම කෙනෙකුටයි තනතුර ලැබිය යුත්තේ. 

විදුලිබල මණ්ඩලය තුළ වෙන වෙන ව්‍යාපාර කරන්න පත්වීම් දෙන්න එපා වගේම දේශපාලනීකරණය කරන්න ලෑස්ති වෙන්න එපා. අපි හැමදාම කියනවා විදුලිබල මණ්ඩලයට අළුතින් දේවල් එකතුවෙනවා අඩුයි. මේ රටේ පාලකයෝ රටේ ඉන්න වෘත්තිකයෝ කියන දේවල් අහන්නේ නෑ. නමුත් දියුණුවෙන රටවල උපදෙස් ගන්නේ වෘත්තිකයන්ගෙන්"

මේ අතර මෙම පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පාමින් විදුලි ඉංජිනේරුවරුන් අද (18) දින ලෙඩ නිවාඩු වාර්තා කර ඇති අතර විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක නිරතවනවා. 

නිත්‍යානුකූල නොවන පත්වීම් ඉවත් කර ගන්නා තු තමන් සටන් කරන බවත් අද උද්ඝෝෂනයෙන් ප්‍රතිපලයක් නැති වුවහොත් වැඩ වර්ජන සහ අකුරට වැඩ කිරීමට පියවර ගන්නා බවත් විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා. 

ආශ්‍රිත : මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu