gossiplanka alexa පකිස්තානයේ දී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිගෙන් නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පකිස්තානයේ දී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිගෙන් නිවේදනයක්

පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස  ඝාතනය කිරීම පිළිබඳ මම මහත් සංවේගයට පත් වීමි. 

එම ම්ලේච්ඡ සිදුවීම ශ්‍රී ලාංකිකයන්ට සේ ම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයකි.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛ පාකිස්තානු රජය මෙම ම්ලේච්ඡ ඝාතනය සිදු වූ වහා ම යුක්තිය පසිඳලීමට ගත් ක්‍රියාමාර්ග පාකිස්ථානයේ අත්‍යන්ත මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව අගය කරන අතර මේ පිළිබඳ පාකිස්තාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ද ශ්‍රී ලංකා රජයත්, සමස්ත ජනතාවත් දැඩි විශ්වාසයෙන් බලා සිටින බව කියනු කැමැත්තෙමි.

එසේ ම පාකිස්තානයේ වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස  පාකිස්තාන රජයෙන් මම ඉල්ලා සිටිමි.

සිදුවීම සැලවූ වහා ම ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට මා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබා දුන් උපදෙස් අනුව ඔවුන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් සිටී.

කුමන ස්වභාවයකින් පැමිණිය ද අන්තවාදී ක්‍රියාකාරකම් සමාජය දැඩිව ව්‍යාකූල කරන්නේය. එබැවින් අන්තවාදයට එරෙහිව ලෝකය ම එක ම අරමුණක සිට ක්‍රියා කළ යුතු බව මෙවැනි සිදුවීම් තුළින් තව තවත් තහවුරු වේ.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මේ මොහොතේ දැඩි කම්පනයට පත් ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සමීපතමයන් සමඟ මමත්, රජයත්, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවත් සිටින බව සිහිපත් කරමි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu