gossiplanka alexa දිවයින පුරා විදුලිය බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිවයින පුරා විදුලිය බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද ?

දිවයින පුරා විදුලිය ඊයේ (03) බිඳ වැ‍ටුණේ එක් සංගමයක සීමිත කොටසක් හිතා මතා කළ වෘත්තීය නොවන ක්‍රියාමාර්ගයක් හේතුවෙන් නිසා බව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පවසනවා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සවස 4.30න් පසුව ක්‍රියාත්මක කරන බව පැවසුව ද පෙරවරු 11.00ට විදුලිය විසන්ධි කරන්නේ කෙසේද යන්න සභාපතිවරයා ප්‍රශ්න කරනවා. 

"එක සංගමයක සීමිත කොටසක් හිතා මතා කරපු වෘත්තීය නොවන ක්‍රියාමාර්ගයක් නිසයි මේක ඇති වුණේ. දැන් ඒක යථා තත්ත්වයට පත් කලත් නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වීම නිසා මෙගාවොට් 900ක අඩුවීමක් හේතුවෙන් අතුරු ප්‍රථිපලයකට මුහුණ දී තිබෙනවා. විදුලි සැපයුම විසන්ධි වුව ද පැයක් ඇතුළත එය යථා තත්ත්වයට පත් කළ හැකිව තිබුණා" සභාපතිවරයා පවසනවා.

හදිසි බිඳවැටීම නිසා නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි බලාගාරීත්වයම අක්‍රිය වී ඇති බවත් එම බලාගාර යථා තත්ත්වයට පත් කිරීමට දින දෙකක් පමණ ගතවනු ඇති බවත් සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටිනවා. මෙගාවොට් 900ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවී ඇති බැවින් දින දෙකක් යනතුරු රාත්‍රී 10න් පසු විදුලිය සැපයුමට බාධා එල්ල විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. රාත්‍රී කාලයේ දී විදුලි ඉල්ලුම මෙගාවොට් 2600ක් පමණ වන බැවින් එවැනි අවස්ථාවක මෙගාවොට් 900ක් පද්ධතියෙන් අහිමි වීම දරාගත නොහැකි අඩුවක් බව සභාපතිවරයා පවසනවා. ඒ හේතුවෙන් ඇතැම් පළාත්වලට නොදැනුවත්වම විදුලිය විසන්ධි විය හැකි බවයි ඔහු අවධාරණය කර සිටින්නේ. 

මේ අතර දිවයින පුරා සිදු වූ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වමින් සිටිනවා. ඒ විදුලිය බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි අනාවරණය කර ගැනීම සඳහායි. පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

දිවයින පුරා විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා අදහස් දක්වමින් කියා සිටින්නේ එම විදුලිය බිඳ වැටීම් තාක්ෂණික දෝෂයක් නිසා සිදු වූවක් බවත් එහි කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොමැති බවත්ය. 

කොත්මලේ සිට බියගම දක්වා දිවෙන විදුලි පද්ධතියේ තාක්ෂණික දෝෂයක් සහ, ලක්ෂපාන සිට කොළඹට එන සම්ප්‍රේෂණ ‍රැහැන් 4ක සිදු වූ බිඳවැටීමක් හේතුවෙන් සිදු වූ ‍රැහැන් පද්ධතියේ අසමතුලිතතාව නිසා මෙසේ විදුලිය බිඳ වැ‍ටුණු බව  විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා පවසනවා. අදාළ විදුලි පද්ධතිය ස්වයංක්‍රීයව ක්‍රියාකරන විදුලි පද්ධතියක් වන නිසා අදාළ විදුලි පද්ධතිය තුළ සිදුවන දේ සැඟවිය නොහැකි බව සභාපතිවරයා අවධාරණය කරනවා. 

විදුලිය බිඳවැටීම පිළිබඳව ක්ෂණික විමර්ශනයක් සිදු කරන බව ද සභාපතිවරයා පවසනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu