gossiplanka alexa එන්නත් කිසිවක් ලබා නොගත්, ඔමික්‍රෝන් ආසාදිත කාන්තාව ලංකාවට ඇතුල් වුණේ කෙසේද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එන්නත් කිසිවක් ලබා නොගත්, ඔමික්‍රෝන් ආසාදිත කාන්තාව ලංකාවට ඇතුල් වුණේ කෙසේද ?

යේ දිනයේ මෙරටින් ප්‍රථමවරට හඳුනාගත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාව කිසිදු එන්නත්කරණයකට ලක් නොවූ අයෙක් බව අනාවරණය වී තිබෙනවා. 

බොහෝ රටවලට පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයින්ට පමණක් ඇතුළු වීමට අවසර ලබා දී තිබෙන අවස්ථාවක කිසිදු එන්නතක් ලබා නොගත් මෙම කාන්තාව මෙරටට ඇතුළු වූයේ කෙසේද යන්න ගැටළු සහගත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

"මෙරටට පැමිණෙන පුද්ගලයින් රට තුළට ගැනීමේ දී අදාළ පාර්ශවයන් විසින් නිසියාකාරව කටයුතු කල යුතුයි. රෝගය රට තුලට පැමිණීමට හැකි ස්ථාන කිහිපයයි තියෙන්නේ. එම ස්ථානවල හරියටම ක්‍රියාකාරීත්වයන් සිදු වූයේ නැත්නම් පසුගිය කාලය තුළ සිදු වුණා වගේ රට තුළට රෝගීන් ගලා එන්න පුළුවන්. එම නිසා අදාළ නිලධාරීන් වගකීමක් ඇතුව කටයුතු කිරීම ඉතා අවශ්‍යවනවා. පරීක්ෂා කිරීම හරියාකාරව සිද්ද වෙන්නේ නැත්නම් අදාළ පුද්ගලයින් සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතුයි. පරීක්ෂා කිරීම් නිසියාකාරව සිදු නොවීම හරහා රට වන විනාශය ගණන් බලා නිම කල නොහැකියි. එම නිසා අපි බලාපොරොත්තුවනවා ගුවන් තො‍ටුපොල බලධාරීන් ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කරයි කියලා" රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසා සිටිනවා. 

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතව හමු වූ කාන්තාව මාරවිල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක් වන අතර ඇය පසුගිය 24 වන දින නයිජීරියාවේ සිට දිවයිනට පැමිණ තිබෙනවා. මේ වන විට ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක ආරක්ෂිතව රඳවා තබාගෙන ප්‍රතිකාර ලබා දෙමින් සිටින අතර ඇය මෙරටට පැමිණි පසුව ඇය ගිය ගමන් බිමන් සහ ඇය ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳව ද සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඇයගේ පවුලේ අයට ද මෙම වෛරසය ආසාදනය වී තිබෙනවාද යන්න තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙනවා. 










ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu