gossiplanka alexa ශ්‍රී ලංකාවේ ගෑස් ප්‍රශ්නය ගැන දැන් පවතින තත්ත්වය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ ගෑස් ප්‍රශ්නය ගැන දැන් පවතින තත්ත්වය

සුගිය ඉරිදා දින සිට ගෑස් තොග මෙරටට නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ගෑස් හිඟයක් ඇති වී තිබෙන බව ලිට්‍රො ගෑස් සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කරනවා. පාරිභෝගික අධිකාරියේ අවසර නොලැබීම නිසා මේ වන විට ගෑස් නැව් දෙකක් ශ්‍රී ලංකා වරාය ආශ්‍රිතව නැංගුරම් ලා තිබෙනවා. 

එම නෞකාවලින් ගෙන ආ ගෑස්වල ගන්ධය ඇති කිරීම සඳහා යොදන එතිල් මර්කැප්ටන් නිසි ප්‍රමිතියට නොමැති බව ප්‍රමිති ආයතනය සිදුකළ පරීක්ෂණයේදී තහවුරු වීම නිසා එම ගෑස් තොග ගොඩබෑමට අවසර හිමි වූයේ නැහැ. ඒ නිසා දින 5කට අධික කාලයක් එම නැව් දෙක තල්දියවත්තට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබෙනවා. 

ගෑස් හිඟය නිසා කොළඹ මෙන්ම ප්‍රධාන නගර ආශ්‍රිතව ආපනශාලා විශාල වශයෙන් වසා දමා තිබෙනවා. ආපන ශාලා දින දෙකෙන් දෙකට තම ගෑස් අවශ්‍යතා සපුරා ගන්නා බැවින් ගෑස් හිඟය නිසා ඔවුන් ඉතා අසීරු තත්ත්වයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ. 

ශ්‍රී ලංකාව තුල දෛනිකව භාවිතා වන ගෑස් සිලින්ඩර සංඛ්‍යාව 85,000කට ආසන්න වනවා. නැව් වලින් පැමිණෙන ගෑස් තොග ප්‍රමාණවත් වන්නේ ශ්‍රී ලංකාවේ පරිභෝජනයෙන් දින තුනක් සඳහා පමණක් වන නිසා දින 3කට වරක් නෞකාවක් වරාය වෙත පැමිණෙනවා. 

මේ අතර ගෑස් සිලින්ඩරයක උපරිම පීඩනය බාර් 6ක් වුවත් වෙළඳපොලේ පවතින ගෑස් සිලින්ඩරවල පීඩනය බාර් 5.3ක් බව හෙළි වී තිබෙනවා. මිනුම් කටයුතු සහ ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත්තේ එය 4.2 දක්වා අඩුකිරීම වඩාත් යෝග්‍ය බවයි. 

ගෑස් සම්බන්ධ ගැටළු මෙලෙස උග්‍ර අතට පත් වෙද්දී දූෂණ විරෝධි හඬ සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් වෙනම මතයක් ගෙන හැර දක්වනවා. 

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

උපුටා ගැනීම 

"කොමිස් නිසා ලිට්‍රො සභාපති තෙෂාරට මේ මොකද උනේ?

කවුද මේ තෙෂාර ජයසිංහ? ලිට්‍රෝ ගෑස් සමාගමේ වර්තමාන සභාපති. ලංකාවෙ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුවක ඉහළ පෙළේ නිලයක් දරපු තරුණ වෘත්තිකයෙක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ යෝජනාවක් මත තෙෂාර ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති ලෙස පත්වෙන්නෙ 2021 ජූලි 26 වනදා. 

2019 බල පෙරළියත් සමග ලිට්‍රො ගෑස් ආයතනයේ සභාපති ලෙස පත් කෙරෙන්නෙ අනිල් කොස්වත්තව. අනිල් කොස්වත්ත කිව්ව ගමන් මතක් වෙන්නෙ "ලක්සල" හොඳටම කරලා බංකොලොත් කරලා ගියපු විදිහ. විනිවිදභාවයක් නොමැති මූල්‍ය ක්‍රමවේදයන් හේතුවෙන් කෝප් කමිටුවේ විගණනයට යටත්ව අනිල් කොස්වත්තව සභාපතිධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුවයි තෙෂාර එම ධූරයට කැඳවන්නෙ.

අනිල් කොස්වත්ත විසින් ගෑස් සංයුතිය වෙනස් කරමින් 2021 අප්‍රේල් මස හඳුන්වාදුන් ලීටර 18 ප්‍රිමියම් හයිබ්‍ර්ඩ් ගෑස් සිලින්ඩරය මහජනතාව අතර මහත් මතභේදයකට ලක්වූවා. එහිදි පාර්ලිමේන්තුව තුළ පවා වාදයක් ඇතිවුනේ ඒ හරහා ලිට්‍රෝ ගෑස් සමාගම විසින් විශාල මූල්‍යමය වංචාවක් පාරිභෝගිකයින් හට සිදු කළ බවයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් පවා මේ සම්බන්ධව නඩුවක් ගොනු කර ඇත.

ඒ කෙසේ නමුත් තෙෂාර ජයසිංහ සිය සභාපතිධූරයේ රාජකාරී බාරගත් අවස්ථාවෙදිම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ සිටියේ මින් ඉදිරියට මෙම වංචාසහගත යැයි කියැවෙන 18 ලීටර ගෑස් සිලින්ඩරය වෙළදපොළ වෙත නිකුත් කිරීම අත්හිටුවන ලෙසට තමා නියෝග කළ බවයි. මේ වන විට එම සිලින්ඩරය වෙළඳපොළ තුළ දකින්නට ලැබෙන්නෙ නැහැ.

ඉන් නොනැවතුණ තෙෂාර ජයසිංහ තවත් විශේෂ බරපතල හෙළිදරව්වක් සිදු කරනවා 2021 නොවැම්බර් 05 වනදා. ඒ එතෙක් මෙතෙක් රාජ්‍ය සමාගමක සිදුවූ සහ සිදුවෙමින් පවතින දැවැන්තම කොමිස් ජාවාරමක අනාවරණයක්. කනගාටුවට කරුණ නම් එම ජාවාරම මෙතෙක් සිදුවූයේ නීතිමය වශයෙන් බලපෑමක් ඇති කිරීමට නොහැකි වනසේ කිසිදු හිස්තැනක් නොතබමින්. ජාවාරම්කාරයින් එතරම් සූක්ෂම බුද්ධිමත් ලෙස එය සිදු කර ඇත.

මොකක්ද මේ ජාවාරම?

ලංකාවට ගෑස් ආනයනය කිරීමේදි ගෙන්විය හැකි අවම මුදලට වඩා මෙට්‍රික් ටොන් එකකින් ඩොලර් 50ක් පමණ වැඩියෙන් ගෑස් ගෙන්වීමට නීත්‍යානුකූලව ටෙන්ඩර් කරන ලද ඕමාන් ට්‍රේඩින් ගිවිසුමයි.(ලංකාවෙ මාසික ගෑස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 40000ක් පමණ වේ. මාසික කොමිස් එක ගණනය කරගන්න)

නීත්‍යානුකූලව එහි ටෙන්ඩර් පටිපාටියේ වරදක් නොවන ලෙස සියලු ලිපි ලේඛන සකස් කර තිබුණද, ප්‍රා‍යෝගිකව පෙනෙන දේ නම් විශාල කොමිස් වංචාවක් මේ හරහා සිදුවන බවයි. තෙෂාර ප්‍රකාශ කර සිටියේ මෙම ගිවිසුම හරලා කොමිස් මුදල් ලෙස රුපියල් බිලියන 10ක් පමණ කිසියම් හෝ අයකුගේ අතට පත්ව ඇත බවයි.

ලිට්‍රෝ හිටපු සභාපති අනිල් කොස්වත්ත විසින් අවසන් වරට අත්සන් කර ඇති මෙම කූඨ ගිවිසුම 2022 මාර්තු මසින් අවසන් වීමට නියමිතයි. කෙසේ නමුත් ප්‍රබලයන් කිහිප දෙනෙකුගේ වුවමනාව මත මෙම ගිවිසුම යළිත් අවුරුදු 02ක් සඳහා දිගු කරගැනීමට තෙෂාර ජයසිංහට කළ යෝජනාවට ඔහු සිය අප්‍රසාදය පළකරමින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා. ඉන් අනතුරුව ඕමාන් ට්‍රේඩින් ආයතනය විසින් තෙෂාර හට විවිධ බලපෑම් තර්ජන සිදු කිරීමින් රට තුළ ගෑස් හිඟයක් නිර්මාණය කිරීමත් සමගයි තෙෂාර මාධ්‍ය හමුවකදී මෙම හෙළිදරව්ව සිදු කරන්නෙ.

මේ හෙළිදරව්වත් සමජ තෙෂාර ඉදිරියේ විශාල අභියෝගයක් එල්ල වෙන බල අප විශ්වාස කළා. මොකද ඔහුගේ මේ හෙළිදරව්වත් සමග රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රබලයින් රැසක් ඍජු චූදිතයින් වීම සිදු වුණා. ඒ වගේම ටෙන්ඩර් පටිපාටියකින් තොරව මෙම කූඨ ගිවිසුම දිග් කිරීම සඳහා තෙෂාරගේ අත්සන කිසිවිටෙකත් නොයොදන බවට ඔහු දුන් ප්‍රතිඥාවත් සමග මහත් ආන්දෝලනයක් මාෆියාවට සම්බන්ධ පිරිස් අතර ඇතිවිම සිදු වූවා. ඉතින් ඔවුන්ගේ මාෆියාවට එරෙහිව නැගීසිටින තෙෂාර ජයසිංහ නැමැති පුද්ගල චරිතය ගෑස් පිටියෙන් ඉවත් කරගැනීමට විවිධ සැලසුම් යොදනු ලැබුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රැකවරණයට යටත්ව තෙෂාර තවමත් සිය ස්ථාවරයේ සිටිමින් නොබියව සිය රාජකාරි කටයුතු වල යෙදෙන බවටයි අප දැනුවත් වූයේ.

කෙසේ නමුත් තෙෂාරගේ හෙළිදරව්වත් සමග ඉන් දින කිහිපයක් යන්නටත් මත්තෙන් රට වටා ගෑස් කාන්දුවීම් ගිනි ගැනීම් වැනි සංසිද්ධීන් වැඩිපුර ප්‍රචාරය වෙන්න ගැනීමත් අහඹුවක් ලෙස අප තැකිය යුතු නැහැ. රටේ මහජනතාව අතර ලිට්‍රෝ ගෑස් සමාගම පිළිබඳව, එහි සභාපති කෙළින් වැඩකරන තෙෂාර ජයසිංහ පිළිබඳව අප්‍රසාදයක් ගොඩනගන්නට විවිධ පාර්ශයවයන් මැදිහත්ව සිටින බව සක්සුදක් සේ පැහැදිළියි. ඊට සමහර ජන මාධ්‍යය ආයතනද සැලකියයුතු දායකත්වයක් සපයන බව දැකිය හැකියි. ඒ සියල්ලම සිදුවන්නෙ ඩොලර් කෝටි ගණනක කොමිස් වලට යටත්වයි.

තෙෂාර තාම වැඩ බාර අරන් මාස 04 යි. ඒ මාස 04 ට ඔහු ගෙන ඇති විශේෂ තීරණ අප සොයා බැලුවා.

01) හිටපු සභාපති අනිල් කොස්වත්ත විසින් සංයුතිය වෙනස් කරමින් බාල ප්‍රමිතියෙන් යුතු ගෑස් යොදාගනිමින් වෙළඳපළට නිකුත් කළ ලීටර 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිෂ්පාදනය නවතාලීම. 

02) විගණකාධිපතිතුමාගේ විගණනයට එරෙහිව හිටපු සභාපති අනිල් කොස්වත්ත විසින් පනවා තිබූ තහනම් නියෝගය(Stay Order) ඉවත් කිරීමට කටයුතු කිරීම සහ ලිට්‍රෝ සමාගමේ විගණනය විගණකාධිපති යටතට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම හරහා මූල්‍ය විනිවිදභාවයක් ඇති කිරීම.

03) වසර 150ක් තිස්සේ රට තුළට පමණක් සීමාවී තිබූ ලිට්‍රෝ ගෑස් වෙළඳපළ ජාත්‍යාන්තර වෙළඳපොළ වෙත පියවර නැගීම සඳහා(බංගලාදේශය වැනි රටවල් තුළ) අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම.

04) ඕමාන් ට්‍රේඩින් ගිවිසුම හරහා සිදුවන ගෑස් මාෆියාවට එරෙහිව නැගීසිටිමින්, අන්තර්ජාතික වෙළඳපළ තුළ ඇති වෙනත් අඩු මිලට ගෑස් සැපයිය හැකි සමාගම් සමග සබඳතා වර්ධනය කරගැනීම.

ඉතින් තෙෂාර මේ හැප්පෙන්නෙ එසේ මෙසේ මාෆියාවක් සමග නොවන වග අප ජනතාව ඉදිරියේ මෙසේ ප්‍රකාශ කරන්නෙ මේ රටට තෙෂාරලා වගේ ඍජුව වැඩකරන නිලධාරීන් අවශ්‍ය නිසා. තෙෂාර වෙනුවෙන් කණ්ඩායමක් විදිහට පෙනී ඉන්න අප තීරණය කළෙත් ඒ නිසයි. කොමිස් ඩොලර් කෝටි ගානකට එක ජීවිත බිල්ලක් කියන්නෙ සරල දෙයක් වෙන්න පුළුවන්. ඒත් බයේ හැංගිලා ඉන්නවාට වඩා එළියට ඇවිල්ලා කොන්ද කෙලින් තියන් සටන් කරන තෙෂාරලා වගේ තරුණයින්ට ශක්තියක් විය යුතුම මොහොතක ඉන් මිදීම නිවට කමක්.

තෙෂාරට කරන්න තිබ්බ ලේසිම වැඩේ ඔය කියන ඕමාන් ට්‍රේඩින් ගිවිසුම අත්සන් කරලා තමන්ගෙ සාක්කුවටත් කීයක් හරි පුරවගන්න. හැබැයි ඔහු තෝරගත්තෙ අමාරුම වැඩේ. මේ රටේ අහිංසක වැඩකරන මිනිස්සුන්ගෙ බත් පත ඉදෙන ගෑස් පොදෙන් පවා කොමිස් ගහලා ඩොලර් කඳු ගහන කාලකන්නි අමනයින්ට තෙෂාරලා වගේ වර්තමාන පරපුරව දැලේ දාගන්න අමාරුයි කියන දේ ප්‍රත්‍යක්ෂයි.

එකතුවන්න අප සමග. රාජ්‍ය මාෆියාවල තොරතුරු රැසක් අප ඉදිරියේදිත් ඔබට අනාවරණය කිරීමට සූදානම්.

දූෂණ විරෝධි හඬ සංවිධානය"

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

සිද්ධිකා පිස්සු නටයි. වෙළඳපොළ උග්‍ර ගෑස් හිඟයක්. ලිට්‍රෝ මෙහෙයුම් නවතා දින 5ක්

ලිට්රෝ ගෑස් සමාගම සඳහා අවශ්‍ය වන ගෑස් තොග රැගත් නෞකා දෙකක් මේ වනවිට දිවයිනට ළඟා වී තිබෙනවා. ඉන් එක් නෞකාවක් පසුගිය සෙනසුරාදා දින මෙරටට ළඟා වුණා. කෙසේ නමුත් එම ගෑස් නෞකා දෙකෙහි සාම්පල පරීක්ෂා කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත අවශ්‍ය කටයුතු කිරීම සඳහා වගකීම් භාර දෙනු ලැබුවා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් Intertek පරීක්ෂණාගාරය හරහා සිදුකළ පරීක්ෂණ වාර්තාවට අනුව එම ගෑස් තොගයන්හි බියුටේන් හා ප්‍රොපේන් සංයුතිය නියමිත ප්‍රමිතියෙන් යුතුව ඇති බව වාර්තා කළා. ඒ කෙසේ නමුත් මෙහි ගන්ධය නිකුත් කිරීමේ රසායනිකය වන එතිල් මර්කැප්ටන් නියමිත සංයුතියේ නොමැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් මාධ්‍ය වෙත නිකුත් කළේ පසුගිය සඳුදා දිනයි. හාස්‍යයට කරුණ නම් එම නිවේදනය හා අදාළ පරීක්ෂණ වාර්තා ලිට්‍රෝ ආයතනය වෙත නිල වශයෙන් ලබා දී ඇත්තේ බදාදා දිනයි. එයින් ගම්‍ය වන්නෙ සිද්ධිකා සේනාරත්නට මේ අවස්ථාවේ වැදගත් වන්නෙ ජනතාවගේ ලිට්‍රො සමාගම නොව, මාධ්‍ය සංදර්ශන පැවැත්වීම යන වගයි.

වැදගත්ම කරුණ Interteck වාර්තාවට අනුව එතිල් මර්කැප්ටන් සංයුතියෙහිද කිසිදු ප්‍රශ්නයක් නැති බවට පසුව අනාවරණය වූයේ විශේෂඥයන් එම වාර්තා පිළිබඳව කළ නිරීක්ෂණයේදි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින්ම නිකුත් කරන ලද SLS 712 ප්‍රමිතිය ප්‍රකාරව අවම වශයෙන් එතිල් මර්කැප්ටන් තිබිය යුත්තේ 14 PPM අගයක්. කෙසේ නමුත් මෙරටට පැමිණ ඇති එක් නෞකාවක එය 33PPM ලෙසත් අනික් නෞකාවෙ 20PPM ලෙසත් පරීක්ෂණ වාර්තා වලින් නිගමනය වූවා.

මේ පිළිබඳව ලිට්‍රෝ ආයතනය පාරිභෝගික සේවා අධිකාරියෙන් විමසනු ලැබූ විට ඔවුන් කියා ඇත්තේ ඔවුන්ට මේ පිළිබඳව තීරණය කිරීමට හැකියාවක් නැති බවත, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් එම ගෑස් තොග ප්‍රමිතියෙන් තොර බව දැනුම් දී ඇති බැවින් ඒවා ගොඩබෑමට ඉඩ ලබාදිය නොහැකි බවත්ය. අප නියෝජිතයෙකු හරහා එයම අප විමසූ විට ඔවුන්ගේ ප්‍රතිචාරය එයම විය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් මේ පිළිබඳව විමසූ කල්හි එහි අධ්‍යක්ෂ ජෙනරාල් සිද්ධිකා සේනාරත්න ප්‍රකාශ කර ඇත්තේ "මොන ප්‍රමිති වාර්තාවලට අනුකූල උනත් මට වැඩක් නෑ, මගේ නහයට එන ගඳ අනුව තමයි මම මේක අනුමත කරන්නෙ" කියා බවයි අපගේ නියෝජිතයෙකු හරහා අපට දැනගැනීමට හැකිවූයේ.

සිද්ධිකාගෙ ස්ථාවරය එයනම්, සියලු පරීක්ෂණාගාර පරීක්ෂණ නවතා දමා සිද්ධිකාව ගෑස් නැවට පටවන සෑම අවස්ථාවකදීම ඒ ඒ රටවල් වලට ගෙන ගොස් නහයෙන් ගඳ පරීක්ෂා කිරීම විනා වෙන කළ හැකි විකල්පයක් නොමැත. ප්‍රමිතීන් පිළිබඳව සියලු වගන්තීන් සිද්ධිකාගෙ නහයද ඇතුළත් කර යළි සැකසිය යුතු වේ.

මේ පිළිබඳව අප කළ විමර්ශනයකදී අනාවරණය වූයේ, මේ සිදුව ඇත්තේ සිද්ධිකා මාධ්‍යයට වීරවරියක් වීමට ගොස් ලිට්‍රො සමාගමටත් නොදන්වා, බොරු වාර්තා මාධ්‍යයට නිකුත් කිරීමේ වරද නිසා සිදුවූ හානිය පිළිගැනීමේ නොහැකි තත්ත්වයක් නිසා එක එක නරිවාදම් දොඩවමින් එම ගෑස් නැව් ප්‍රතික්ෂේප කිරීමටම වෙර දරන බවයි. යම් හෙයකින් මෙම වරද ඇය පිළිගතහොත් වෙළඳපළ උද්ගතව ඇති ගෑස් හිඟයෙහි සම්පූර්ණ චෝදනාව ඇයට එල්ල වනු ඇත.

සිද්ධිකාලාගෙ මේ වගකීම් විරහිත ක්‍රියාකලාපයන් නිසා දැනට දින 5ක් තිස්සේ ලිට්‍රෝ ගෑස් සමාගම සිය මෙහෙයුම් නවතා දමා ගෑස් තොග ලැබෙන තුරු බලා සිටියි. මේ වන විට වෙළඳපොළ තුළ ගෑස් නොමැතිවී යාමෙන් විශාල වශයෙන් ජනතාව පීඩනයට පත්ව තිබේ. එලඹෙන උත්සව සමයේදී ජනතාව, ලිට්‍රෝ සමාගම, රජය අපහසුතාවයට පත් කරමින් සිද්ධිකාලා සිදු කරන මේ නාඩගම අදවත් ඉවර වෙයි ද?

තමාගේ අතින් සිදුවූ වරද නිසා ඇතිවන ලැජ්ජාව වසා ගැනීමට හෝ කිසියම් පාර්ශවයකගේ මනදොල පිනවමින් සිය මඩිය තර කර ගැනීමට හෝ සිද්ධිකාගේ මේ ක්‍රියාකලාපය "වස චුට්ට චුට්ට කෑවාට කමක් නෑ" කිව්වාට වඩා බෙහෙවින් අහිතකර ප්‍රතිඵල ගෙනදෙනු ඇත. මෙම අර්බුද්ධයේදි ජනාධිපතිවරයාගෙ ඍජු මැදිහත්වීම දැන් අවශ්‍යය.

සිද්ධිකා සේනාරත්න, ජඩ මාෆියා කරුවන් සියල්ල පිළිබඳව අප අවදියෙන්

දූෂණ විරෝධී හඬ සංවිධානය"

උපුටා ගැනීම අවසන්

උපුටා ගැනීම : The Truth Lanka

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu