gossiplanka alexa ඔමික්‍රෝන් ආසාදිතයා බම්බලපිටියේ කැසිනෝ ක්‍රීඩාකරලා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔමික්‍රෝන් ආසාදිතයා බම්බලපිටියේ කැසිනෝ ක්‍රීඩාකරලා

මික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් තිදෙනෙකු ඊයේ (16) මෙරටින් හඳුනාගනු ලැබුවා. ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් ගණන 4ක්. 

ඊයේ හඳුනාගත් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් තිදෙනාම ගුවන් තො‍ටුපොළේ දී සිදු කරන ලද පී.සී.ආර් පරීක්ෂණවලින් හඳුනාගත් අය වනවා. එක් අයෙක් විදේශයක සිට පැමිණි අයෙක් වන අතර තවත් අයෙක් මෙරට සිට විදෙස් ගතවීමට සූදානම් පුද්ගලයෙක් වනවා. අනෙක් පුද්ගලයා ඔහුගේ ආශ්‍රිතයෙක් බවයි වාර්තා වන්නේ. 

මෙම තිදෙනාගෙන් එක් අයෙකු රට තුළින් අහඹු ලෙස හමු වූ ආසාදිතයෙකු නිසා එය ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළට කාන්දුවීම පිළිබඳව සාක්ෂියක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසනවා. 

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත යැයි තහවුරු වූ තිදෙනාගෙන් තවත් අයෙක් පසුගිය 09 වන දින ශ්‍රී ලංකාවට පැමිණ 11 වන දින නැවත ඉන්දියාව බලා පිටත්ව යෑමේ දී සිදු කල පී.සී.ආර් පරීක්ෂණ මඟින් ඔහු ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබෙනවා. ඔහු රට තුළට පැමිණ ඇත්තේම ආසාදිතයෙකු ලෙස බව සැක පළ කරනවා. එම ආසාදිතයා බම්බලපිටියේ කැසිනෝ අවන්හලක කැසිනෝ ක්‍රීඩාව සඳහා පැමිණි අයෙකු බව සොයාගෙන තිබෙනවා. ඔහුගේ ආශ්‍රිතයන් ද විශාල සංඛ්‍යාවක් සිටිය හැකි බැවින් රටට ඇති විය හැකි අවදානම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන්  අනතුරු අඟවනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu