gossiplanka alexa පන්දුවාර 20යි 20 ලෝක කුසලානය සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පන්දුවාර 20යි 20 ලෝක කුසලානය සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර එහි අනෙක් සත්කාරක රට වන්නේ ඉන්දියාවයි. ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර සිටිනවා. 

මීට අමතරව 2024 වසරේ සිට 2031 වසර දක්වා වන කාලයට අදාළ අයි.සී.සී තරගාවලියන්හි සත්කාරකත්වය රටවල් 14ක් විසින් දරන බව දජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කරනවා. ඒ අනුව එම කාලය තුළ පූර්ණ සාමාජික රටවල් 11ක් හා ටෙස්ට් වරම් නොමැති රටවල් 3ක් අදාළ තරඟාවලි සඳහා සත්කාරකත්වය දැරීමට නියමිතයි. ඒ අතර අමෙරිකාවට හා නැමීබියාවට පළමු වරට ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය හිමිව තිබීම විශේෂත්වයක්. 

සත්කාරකත්වය හිමිව ඇති රටවල්

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය - ඕස්ට්‍රේලියාව

2023 එක්දින ලෝක කුසලානය - ඉන්දියාව

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය – අමෙරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්

2025 ශූරයින්ගේ කුසලානය – පාකිස්තානය

2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය – ශ්‍රී ලංකාව හා ඉන්දියාව

2027 එක්දින ලෝක කුසලානය – දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ හා නැමීබියාව

2028 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය – ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය

2029 ශූරයින්ගේ කුසලානය – ඉන්දියාව

2030 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය – එංගලන්තය, අයර්ලන්තය හා ස්කොට්ලන්තය

2031 එක්දින ලෝක කුසලානය – ඉන්දියාව හා බංග්ලාදේශය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu