gossiplanka alexa පාසැල්වල අනෙකුත් ශ්‍රේණි ආරම්භවන දිනය රජය දැනුම් දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල්වල අනෙකුත් ශ්‍රේණි ආරම්භවන දිනය රජය දැනුම් දෙයි

බන 22 සඳුදා සිට රජයේ පාසැල්වල 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව රජය පවසනවා. 

කැබිනට් තීරණ දැනුම් දීමේ අද පැවති මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කලා. 

"රටේ වුණු බරපතලම අපරාධයක් තමයි වසර දෙකක් තුළ පාසැල් පද්ධතිය මුළුමනින්ම අකර්මන්‍ය වීම. ලබන සඳුදා සිට දරුවන් පාසැල් එන්න පටන් ගන්නවා. දැනටමත් මාධ්‍ය මඟින් වාර්තා කරලා තියනවා දැනට පවත්වාගෙන යන පාසැල් තුළ කොවිඩ් ආසාදිත දරුවන් සිටින බව. සියලුදෙනාගේම වගකීම් විරහිත ක්‍රියාවන් නිසා මෙම වසංගත තත්ත්වය නැවතත් ව්‍යාප්ත වෙලා පාසැල් නැවත වසා දැමීමට සිදුවුවහොත් එය ජාතික අපරාධයක්. එම නිසා ආණ්ඩුව ලෙස සහෝදර පක්ෂවලිනුත්, විපක්ෂයෙනුත් අනෙක් සහෝදර පක්ෂවලින් මම ඉල්ලීමක් කරනවා දරුවන්ගේ අධ්‍යාපනය ගැන හිතලා වගකීම් සහගත ලෙස හැසිරෙන්න කියලා. මෙය ඉතා ගෞරවයෙන් මිත්‍රශීලීව කරන ඉල්ලීමක්" යැයි ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කලා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu