gossiplanka alexa ඉන්ධන මිලට ගැනීමටත් මුදල් ප්‍රමාණවත් නැහැ, ඩොලර් හිඟය නිසා ඖෂධ, ආහාරත් පිටරටින් ගෙන්වීමට සිදුවේවි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්ධන මිලට ගැනීමටත් මුදල් ප්‍රමාණවත් නැහැ, ඩොලර් හිඟය නිසා ඖෂධ, ආහාරත් පිටරටින් ගෙන්වීමට සිදුවේවි

න්ධන මිලට ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන ඇත්තේ ලබන පෙබරවාරි මාසය වන තෙක් පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ඊයේ (15) පැවති කැබිනට් මණ්ඩල ‍රැස්වීමේ දී අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා. 

ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 350ක් වැය වන නෞත් මහ බැංකුව ලබා දෙන්නේ මසකට ඇමරිකානු ඩොලර් මිලියන 200ක් පමණක් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. 

ඩොලර් හිඟය නිසා බොරතෙල් ගෙන්වීම නතර වී ඇති නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීම සුදුසු බව අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටි අතර මීට විසඳුමක් නොලැබෙන්නේ නම් ඩොලර් ප්‍රශ්නය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළඹීම සුදුසු බව ඔහු පවසා සිටියා. 

නමුත් එම යෝජනාවට කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සිය විරෝධය පළ කර තිබුණා. 

මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ ඉන්ධන පමණක් නිව ඖෂධ, අහාර ද්‍රව්‍ය ආදී නිෂ්පාදන පවා ආනයනය කිරීමට සිදුවන බවයි. 

විනිමය අර්බුදය හේතුවෙන් සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුව මේ වන විට වසා දමා ඇති අතර අවශ්‍ය ඉන්ධන සැපයුම සපුරා ගැනෙන්නේ පිරිපහදු කල පෙට්‍රල් ඩීසල් විදෙස් රටවලින් මිලට ගැනීම මඟින්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu