gossiplanka alexa එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට, අද සිට කොළඹට එළවළු නෑ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට, අද සිට කොළඹට එළවළු නෑ

නුවරඑළිය ප්‍රදේශයේ එළවළු වගා කරන ගොවීන් ඊයේ (21) නුවර එළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලබා දීම ප්‍රතික්ෂේප කළ නිසා නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා දමනු ලැබුවා. මේ නිසා උඩරට ප්‍රදේශයෙන් ලැබෙන එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව අඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය පවසනවා. 

එසේම කැරට්, ලීක්ස්, බෝංචි, මාළුමිරිස්, ගෝවා ආදී එළවළුවල හිඟයක් අද සිට ඇති විය හැකි බව එම සංගමය වැඩි දුරටත් පවසා සිටිනවා. 

නුවරඑළියේ එළවළු වගා ගොවීන්ට අවශ්‍ය කරන රසායනික පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා නොදීම හමුවේ ගොවීන් මේ වනවිට වගා කර ඇති අස්වැන්නේ පලදාව අඩුවී ඇති නිසා එයට විරෝධය පාමින් නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු තොග ලබා දීමෙන් වැළකී සිටියා. 

කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානව වෙත එළවළු ‍රැගෙන විත් සිටි ගොවි මහතුන් කිහිපදෙනෙකු මාධ්‍යයට පවසා ඇත්තේ මෙය රසායනික පොහොර හෝ වෙනත් ගැටළුවක් නොව මෙරට ජනතාව මහා කම්මැලිකමට හුරු වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි. මහන්සි වී වගා කරන්නේ නම් මෙම මහ පොළොවේ ඕනෑම අස්වැන්නක් ලබා ගැනීමට හැකි බවත් දේශපාලන වාසි තකා ඇතැම් පක්ෂ විශාල ප්‍රචාර ගෙන යන බවත් ඔවුන් පවසනවා. ඔවුන් වගා කළ බෝංචි තොග පෙන්වා දෙමින් ඔවුන් පවසා ඇත්තේ කිසිදු ප්‍රශ්නයකින් තොරව මෙම මහපොළොවේ මහන්සි වී වගා කළහොත් අස්වැන්න සරුවන බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu