gossiplanka alexa රාජ්‍ය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙයි

රාජ්‍ය සේවකයින්ගේ වැ‍ටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට රජය විසින් නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන 29 වන සඳුදා දින සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බවයි රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය රජයට අනතුරු අඟවා සිටින්නේ. 

ඒ අනුව ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා, කෘෂි පර්යේෂණ සහකාර ඇතුළු කාර්යාල ක්ෂේත්‍ර මෙන්ම කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවක සංගම් ද මෙම තීරණයට එළඹ ඇතැයි එම සම්මේලනයේ ජාතික සංවිධායකවරයා පවසනවා. 

පසුගිය 13 වනදා එම සංගමය විසින් ජනාධිපතිරවයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ මාසිකව රුපියක් 16,000ක වැ‍ටුප් වැඩිවීමක් අවම වශයෙන් හෝ සිදු කරන ලෙසයි. මෙවර අය-වැය මඟින් රාජ්‍ය සේවකයින් මුහුණපා සිටින අසීරු තත්ත්වය ගැන රජය නොසලකා හැර තිබීම හේතුවෙන් ලක්ෂ ගණනක් වූ ඔවුන්ගෙන් යැපෙන්නන් පිළිබඳව නොසලකා හැරීම කණගා‍ටුවට කරුණක් බව ඔහු ප්‍රකාශ කරනවා. 

එසේම රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැ‍ටුප් වයස 65 දක්වා දීර්ඝ කිරීමට මෙවර අය වැයෙන් කර ඇති යෝජනාව ප්‍රතික්ෂේප කරන බව ඔහු පවසනවා. මෙවර අය-වැය පාර්ලිමේන්තුවේ දී ස්ථිර කිරීමට පෙර තම ඉල්ලීම් සම්බන්ධයෙන් රජය ගන්නා තීරණය කුමක්දැයි අවධානයෙන් සිටින බවත් එම ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු නොකරන්නේ නම් සෙසු වෘත්තීය සමිති සංගම් සමඟ සේවක ගැටළු වලට විසඳුම් ඉල්ලා අඛණ්ඩ අරගලයක් ආරම්භ කිරීමට අකමැත්තෙන් හෝ සිදුවන බවත් සංවිධායකවරයා අනතුරු අඟවා සිටිනවා. 

මෙ අතර වරාය, දුම්රිය, සෞඛ්‍ය, අධ්‍යාපන, විදුලිය, ඛනිජ තෙල් ඇතුළු ක්ෂේත්‍ර ‍රැසකය අයත් වෘත්තීය සමිති ගණනාවක් දෙසැම්බර් මස දෙවන සතියේ සිට දැඩි වෘතීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ ඔවුන්ගේ වෘත්තීය ඉල්ලීම් සහ රාජ්‍ය දේපළ බහුජාතික සමාගමවල විකුණා දැමීම, එකම රටක නීති කිහිපයක් ක්‍රියාත්මක වීම, රාජ්‍ය ආයතනවල හා අමාත්‍යාංශවල සිදුකෙරන දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් ජනතාව පීඩනයට පත්වීම, අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑමෙන් එම පවුල්වලට ජීවත්වීමේ අයිතිය අහිමි කිරීම ඇතුළු කරුණු ගණනාවක් මුල්කරගෙනයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu