gossiplanka alexa අක්කාගේ යාළුවා නිසා මරු තුරුලට ගිය නංගී - දරුවන් ගැන වැඩියෙන් සැලකිලිමත්වන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අක්කාගේ යාළුවා නිසා මරු තුරුලට ගිය නංගී - දරුවන් ගැන වැඩියෙන් සැලකිලිමත්වන්න

දියණියන් තිදෙනෙක් සිටින පවුලක බාලම දියණිය අභිරහස් ලෙස මිය යාමේ සිද්ධියක් දඹුල්ල කළෝගහ ඇළ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මියගිය දියණිය 07 වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 14ක ශිෂ්‍යාවක්. ඇය තම සහෝදරියගේ යහළුවෙකුගේ දියණියකට ඉගැන්වීම් කටයුතු සිදු කර ඇති අතර එසේ ඉගැන්වීමට ගිය අවස්ථාවේ දී ඇය පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. 

මියගිය දැරියගේ මවගේ ප්‍රකාශය 

"මට දියණියන් තුන් දෙනෙක් ඉන්නවා. මේ නැතිවෙලා ඉන්නෙ මගේ බාල දියණිය. වැඩිමහල් දියණියගේ යාළුවෙකුගේ දරුවෙකුට ඉගැන්වීම් සඳහා හබරත්තාවල ප්‍රදේශයට තමයි ඇයව එක්කගෙන ගියේ. මේ අය මීට කලිනුත් අපේ ලොකු දුවත් එක්ක සබඳකම් පවත්වාගෙන තිබුණා. ඒ දෙන්නා එක පන්තිවල යාළුවෝ. එයාගෙ දුවට උගන්නන්න කියලා කිහිප පාරක්ම අපේ දුවව එක්කන් ගියා. 

පසුගිය 06 වෙනිදා උදේ ඒ යාළුවගෙ සැමියා එයාලගේ දියණියත් එක්ක යතුරුපැදියකින් අපේ දුවව එක්කන් යන්න ආවා. එතකොට අපේ දුව කිව්වා එයාට 3ට ඔන්ලයින් පංති තියන නිසා එන්න බෑ කියලා. 3 වෙන්න කලින් ගෙනත් ඇරලවන්නම් කියලා එයාව එක්කන් ගියා. 

හවස් වෙනකනුත් දුව ගෙදර ආවෙ නෑ. පහුවදාත් ආවෙ නැති නිසා අපි පොලීසියට පැමිණිලි කලා. දුව අරන් ගිය ලොකු දුවගේ යාළුවගේ සැමියා අපි එතරම් අඳුරන්නෙ නැහැ. දැකලා තියෙන්නෙත් දවස් කිහිපයයි. එයාව අඳුරන්නේ ලොකු දුව තමයි"

මියගිය දැරියගේ සොහොයුරිය පවසන්නේ මෙවැනි කතාවක්.

"මගේ නංගී තමයි මියගිහින් තියෙන්නෙ. මේ කියන යාළුවා මගේ පුංචි කාලේ ඉස්කොලේ යාළුවෙක්. පහ වසරට යනකල් අපි එකට ඉස්කෝලෙ ගියේ. පස්සෙ අපි දෙන්නා වෙන ඉස්කෝල දෙකකට ගියා. මගෙ යාළුවගේ සැමියයි මගේ සැමියයි එක වැඩපොළේ වැඩ කරන්නේ. ඒක නිසා අපේ පරණ යාළුකම් ආයෙත් අළුත් වුණා. අපි ඒ අයගේ ගෙවල්වල ගියා. එයාලත් අපේ ගෙවල්වල ආවා. අපේ නංගි ගමේ ළමයින්ටත් උගන්නන්න ගෙවල්වල යනවා. ඒක නිසා මගේ යාළුවගේ දුවටත් උගන්නන්න එයාලා නංගිව එක්කන් ගියා. 

මීට කලින් දවසකුත් නංගිව මගේ යාළුවගේ සැමියා ඇවිත් ත්‍රීවිල් එහෙකින් එක්කන් ගිහිං තිබුණා එයාගේ දුවට උගන්නන්න. මහත්තයා පස්සේ එයාව ගිහිං එක්කන් ආවා"

අතුරුදන් වූ දියණිය පිළිබඳව පොලිසීයට සිදුකල පැමිණිල්ල අනුව විමර්ශනය කල පොලීසියට පසුගිය 09 වන දින දඹුල්ල කලෝගහ ඇල්ල ප්‍රදේශයේ පාළු නිවසකින් දුඟදක් වහනය වන බවට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන්ට අතුරුදන් වී සිටි දැරියගේ මළ සිරුර එම පාළු නිවසින් සොයා ගැනීමට හැකි වුණා. 

පසුව පොලීසිය මෙම දැරිය ‍රැගෙන ගිය පුද්ගලයා සොයා ඔවුන් පදිංචි නිවසට ගියත් ඔහු සහ බිරිය , දියණිය තිදෙනාම ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බව හෙළිවුණා. 

දැරිය ‍රැගෙන ගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිය පිළිබඳ තොරතුරු ‍රැසක් අනාවරණය කර ගැනීමට පොලීසියට හැකි වී තිබෙනවා. මෙම පිරිස සොයා පොලීසියේ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu