gossiplanka alexa දකුණු අප්‍රිකාවේ මාරාන්තික කොවිඩ් වෛරස් ප්‍රභේදය ලංකාවටත් පැමිණිලා ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දකුණු අප්‍රිකාවේ මාරාන්තික කොවිඩ් වෛරස් ප්‍රභේදය ලංකාවටත් පැමිණිලා ද ?

South Africa covid19 strain to Srilankaදැනට පවතින කොවිඩ් මර්දන එන්නත්වලින් ලබාදෙන ප්‍රතිදේශ ශක්තිය සියල්ල අභිබවමින් පැතිරයන කොවිඩ් වෛරස් ප්‍රභේදයක් පිළිබඳව පසුගියදා දකුණු අප්‍රිකාවෙන් වාර්තා වුණා. C.1.2 නමින් හැඳින්වුණු මෙම කොවිඩ් ප්‍රභේදය ඇල්ෆා, බීටා සහ ගැමා වෛරස් ප්‍රභේදයන්ට සාපේක්ෂව ඉතා කෙටි කලක් තුළදී වේගවත් විකෘතිභාවයක් පෙන්නුම් කරන බව සොයාගෙන තිබෙනවා. 

මේ තත්ත්වය ඉතා භයානක විය හැකි බවයි විද්‍යාඥවරුන් පෙන්වා දෙන්නේ. 

දැනට මෙම වෛරස් ප්‍රභේදය ආසාදිතයින් එංගලන්තය, චීනය, කොංගෝ රාජ්‍යයෙන්, මොරිෂස්, නවසීලන්තය, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය වැනි රටවල් වලින්ද හමුවී තිබෙනවා. 

මෙම වෛරස් ප්‍රභේදය ආසාදිතයින් මෙතෙක් මෙරටින් හඳුනාගෙන නැතත් එය ශ්‍රී ලංකාවට පැමිණීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජාන විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජිවන්දර මහතා සඳහන් කර සිටිනවා. 

කිසිදු සංචාරකයෙකුට තම රටට ඇතුල්වීමට ඉඩ නොදෙන නවසීලන්තයට පවා මෙම මාරාන්තික වෛරස් ප්‍රභේදය ඇතුළු වී තිබෙන බවත් සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මකවන මෙරට තුළට එම වෛරසය ඇතුළුවීම වළක්වා ගැනීම ඉතා අපහසු බවත් ඔහු පෙන්වා දෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu