gossiplanka alexa ඇමරිකානු ජනාධිපතිගෙන් ජාතිය අමතා ප්‍රකාශයක්, ඇෆ්ගනිස්තානයේ ගිණිකෙළි සංදර්ශන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇමරිකානු ජනාධිපතිගෙන් ජාතිය අමතා ප්‍රකාශයක්, ඇෆ්ගනිස්තානයේ ගිණිකෙළි සංදර්ශන

ෆ්ගනිස්තානයේ සිටි ඇමරිකන් හමුදා සාමාජිකයින් සියල්ල ඉවත්කරගැනීමෙන් පසුව ඇෆ්ගනිස්තාන යුද්ධය නිමා කළ බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. වසර විස්සක් පුරා පැවති ඇෆ්ගනිස්තාන් යුද්ධය එසේ නිමා කල බවයි ජෝ බයිඩන් ධවල මන්දිරයේ සිට ජාතිය අමතමින් ප්‍රකාශ කර ඇත්තේ. 

ඇමරිකාවට සදාකාලික යුද්ධයක නිරත වීමට අවශ්‍ය නැති බව ජනාධිපතිවරයා එහිදී පවසා තිබුණා. 

තලිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය අල්ලා ගැනීමෙන් පසු ඇමරිකානු හමුදාව මුදාගැනීම් මෙහෙයුම්වල දී සිවිල් වැසියන් 123,000 ක් පමණ ආරක්ෂිත ඇෆ්ගනිස්තානයෙන් පිට කළ බව ඇමරිකාව නිවේදනය කර සිටිනවා. 

එම මෙහෙයුම් අගෝස්තු මස 31 වනදායින් පසු අවසන් කරන බව ඇමරිකාව දැනුම් දී තිබුණා. ඒ අනුව ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තො‍ටුපළින් ඊයේ පස්වරුවේ දී අවසන් ඇමරිකානු ගුවන් යානය පිටව ගොස් තිබුණා. 

මේ අතර ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයෙන් පිටත්වීමේ ප්‍රීතිය භුක්ති විඳීම සඳහා තලිබාන් සංවිධානය උත්කර්ෂවත් ගිණිකෙළි සංදර්ශනයක් පවත්වා තිබුණා. ඒ අතර අහසට රොකට් වෙඩි තැබීමක් ද ප්‍රදර්ශයන කර තිබෙනවා.






 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu