gossiplanka alexa ''ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක වන ඇඳිරි නීති තත්ත්වයක් ප්‍රකාශ කරන්න'' - මාධ්‍ය නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක වන ඇඳිරි නීති තත්ත්වයක් ප්‍රකාශ කරන්න'' - මාධ්‍ය නිවේදනයක්

association medical specialist media release ''කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ඉතා දැඩි ලෙස රට තුළ පැතිර යමින් පවතින මේ මොහොතේ රටේ සියලුම සෞඛ්‍ය අංශයන් එහි උපරිම ධාරිතාවට දැනටමත් පැමිණ ඇත. එපමණක් නොව මෘත ශරීරාගාර ද ඒවායේ උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇත. . සංචරණ සීමා ප්‍රතිඵල දායී වීමට නම් ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කරන ඇඳිරි නීති තත්ත්වයක් වුවද ප්‍රකාශ කිරීමට සිදුවිය හැකි බව අපගේ විශ්වාසයයි. ''

කොරොනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය සලකා බලා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

සම්පූර්ණ නිවේදනය පහතින්.

උපුටා ගැනීම

''අප සිටින්නේ කොරෝනා වසංගතයේ උච්චතම අවස්ථාව අබියසද ?

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ඉතා දැඩි ලෙස රට තුළ පැතිර යමින් පවතින මේ මොහොතේ රටේ සියලුම සෞඛ්‍ය අංශයන් එහි උපරිම ධාරිතාවට දැනටමත් පැමිණ ඇත. එපමණක් නොව මෘත ශරීරාගාර ද ඒවායේ උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇත. මෙය රජයේ මෙන්ම පුද්ගලික වෛද්‍ය සේවාවන් වලට ද එකසේ බලපා ඇත. දිනපතා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර මේ දිනවල අප ලෝකයේ ඉහළ ම කොවිඩ් 19 මරණ අනුපාතයන් වාර්තා කරමින් පවතී. රෝගීන් සංඛ්‍යාව මෙන්ම විශේෂයෙන්ම ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන් සංඛ්‍යාව ඉතා දැඩි ලෙස ඉහළ යමින් පවතින මේ මොහොතේ අපට හැඟෙන්නේ ප්‍රතිකාර කිරීමේ පහසුකම් එහි උච්චතම අදියරට පැමිණ ඇති බවයි.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් සැපයීමට අපට සිදුවී ඇත්තේ අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ඇති හැකියාවන් සීමා කොට එම පහසුකම්ද කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වෙන් කර දීමෙනි. මේ නිසා රෝගීන්ට අවශ්‍ය ඇඳන් ඔක්සිජන් මෙන්ම වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු අනිකුත් පුහුණු කාර්ය මණ්ඩලය සීමාසහිත නිසා තව දින කිහිපයකින් රට ඉතාමත් විශාල අර්බුදයකට යෑමට ඇති හැකියාව සක් සුදක් සේ පැහැදිලිය. මේ තත්ත්ව යටතේ කොරෝනා රෝගීන් මෙන්ම කොරෝනා නොවන අනිකුත් ප්‍රතිකාර කළ හැකි රෝගීන්ගේ ජීවිත අවදානම අපට වැළැක්විය නොහැකි තත්වයක් උදාවෙමින් පවතී.

එමෙන්ම මාත්‍රා දෙකක් ලබාදී සති දෙකක් අවසන් වීම මගින් සංඛ්‍යාත්මක ලෙසින් එන්නත්කරණය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙන ජනගහන ඉලක්කය කරා ළගාවීමට තව දෙතුන් මසක් පමණ ගත වන බව අපගේ විශ්වාසයයි. මෙහිදී මෙම කාලය ලඟා වන තුරු තවදුරටත් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සංචරණ සීමා දැඩි ලෙස පැනවීම අපට ඇති ප්‍රධානම අවිය ලෙස මෙහිදී සැලකිය යුතු බව අපගේ හැඟීමයි.

එම කරුණු සැලකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍ය සංගමය ලෙස අප ඉල්ලා සිටින්නේ සංචරණ සීමා ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම ඉතා ඉක්මනින් කල් නොමරා කළ යුතු අතර එසේ නොකර සිටීම සුළුකොට නොතැකිය යුතු බවයි.

එසේ කිරීම මගින් අප බලාපොරොත්තු වන්නේ දැනට උච්ඡතම අවස්ථාවට පැමිණ ඇති ප්‍රතිකාර කිරීමේ හැකියාව (රෝගීන් ප්‍රමාණයේ සුළු හෝ අඩුවකින්) යම්කිසි තරමකට හොඳ තත්ත්වයකට පත් වනු ඇති බවයි. මෙමගින් ප්‍රතිකාර කිරීමේ කටයුතුවල නියැලී ඇති සියලුම කාර්ය මණ්ඩලවලට යම්කිසි තාවකාලික හෝ සහනයක් ලබා දීමට හැකි අතර එය ලඛා දීම අත්‍යවශ්‍ය බව අපගේ හැඟීමයි. නිදහස්, නිර්දේශපාලනික වෘත්තීයමය සංගමයක් ලෙස මෙන්ම රටේ සෞඛ්‍ය පවත්වා ගෙන යාම සඳහා වගකියන ව්ශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ලෙස රට මුහුණ පා ඇති මේ දරුණු අවස්ථාවේදී එහි ඇති බරපතල බව බලධාරීන්ට පෙන්වා දීම අපගේ පරම යුතුකමක් බව අපගේ හැඟීමයි.

සංචරණ සීමා ප්‍රතිඵල දායී වීමට නම් ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කරන ඇඳිරි නීති තත්ත්වයක් වුවද ප්‍රකාශ කිරීමට සිදුවිය හැකි බව අපගේ විශ්වාසයයි. රටේ ආර්ථිකය බිඳ වැටී ඇති මෙවන් අවස්ථාවක දෛනික වැටුප් වලින් ජීවත් වන්නන් ගේ ජීවිත වැටි ඇති අසරණ තත්ත්වය ගැන සැලකීම හා රටක් ලෙස ආර්ථිකය ඉහළ නැංවීමේ රජයේ අවශ්‍යතාව අපට ඉතා පැහැදිලි ය. කෙසේ නමුදු මේ අවස්ථාවේදී මරණ බිය හා රෝගයට ගොදුරු වීමේ ඇති බිය නිසා ජනතාව පත්වී ඇති අසරණ තත්ත්වය යම් තරමකට හෝ සමනය කිරීම අනිකුත් ආර්ථික ප්‍රශ්න විසඳීමට අවශ්‍ය ප්‍රධානම කාරණය වන බව අපගේ හැඟීමයි.

එම නිසා අප විසින් රජයෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ කොරෝනා පාලනය සඳහා අවශ්‍ය නීතිමය මෙන්ම අනිකුත් දැඩි ක්‍රියාමාර්ග ගැන රෝගීන් ප්‍රමාණය මෙන්ම මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින මේ අවස්ථාවේ නැවත සිතා බලන ලෙසයි.

තවද, දැනට අප රටේ පවතින කෝවිඩ් 19 එන්නත් වැඩපිළිවෙල ලෝකයේ පවතින ඉතා කාර්යක්ෂම එන්නත් වැඩපිළිවෙලක් වුවත්, එමගින් මේ මොහොතේ පවතින ව්‍යසනකාරී තත්ත්වයට බලපෑමක් එල්ල නොවන බව අපි අවධාරණය කරමු.

– විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය''

උපුටා ගැනීම අවසන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu