gossiplanka alexa ඩෙල්ටාව නිසා ඉදිරි සති දෙක ඉතාම තීරණාත්මකයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඩෙල්ටාව නිසා ඉදිරි සති දෙක ඉතාම තීරණාත්මකයි

දිරි සති දෙක ශ්‍රී ලංකාවට තීරණාත්මක විය හැකි බව ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස් මහතා අනතුරු අඟවනවා. ඩෙල්ටා වෛරස් ප්‍රභේදය රට තුළ වේගයෙන් පැතිර යන බැවින් මෙසේ අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි මාහාචාර්යවරයා පවසන්නේ. 

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් එළඹෙන සතියේ තවත් වාර්තා විය හැකි බව ඔහු තව දුරටත් අවධාරණය කරනවා. 

දැනටමත් ශ්‍රී ලංකාව තුළ කොවිඩ් එන්නත් ලැබී ඇත්තේ 20% ට ආසන්න පිරිසකට පමණක් බව පෙන්වා දෙන මහාචාර්යවරයා එවැනි පසුබිමක ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර ගියහොත් තත්ත්වය වඩාත් දරුණු විය හැකි බව සඳහන් කරනවා.

මෙවන් අවස්ථාවකදී පළමුව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබා දීම සාර්ථකව අවසන් කළ යුතු බව පෙන්වා දෙන මහාචාර්යවරයා ඉන්පසු අනෙක් වයස් කාණ්ඩ සඳහා එන්නත් ලබා දිය යුතු බව පෙන්වා දෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu