gossiplanka alexa 'පැතිරයන වසංගතය ගැන නිවැරදි තොරතු වාර්තා ලබා දෙන්න' - සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

'පැතිරයන වසංගතය ගැන නිවැරදි තොරතු වාර්තා ලබා දෙන්න' - සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

request accurate information about covid epidemicලෝකයේ දැනට සොයාගෙන ඇති සියළුම කොවිඩ් ප්‍රභේද ලංකාවේ ද තිබිය හැකි බව සෞඛ්‍ය අංශ බලධාරීන් ප්‍රකාශ කල ද වසංගත රෝග විද්‍යායතනය නිවැරදි තොරතුරු වාර්තා සපයා නොමැතිකමින් ඉදිරියේ දී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. 

දැනට පවතින්නේ කොවිඩ් ‍රැල්ල ඉහළ-පහළ යාමක් මිස විද්‍යාත්මක පාලනයක් නොවන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසා තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් පිළිබඳව ද නිවැරදි තොරතුරු නොලැබෙන බැවින් ඉදිරියේ දී ජනතාවට කුමන තත්ත්වයකට මුහුණ දීමට සිදුවේද යන්න අවිනිශ්චිත බව වෛද්‍යවරයා අනතුරු අඟවනවා. 

රටක් වශයෙන් මෙවැනි වසංගතයක් පාලනය කිරීමට තීන්දු තීරණ ගත යුත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් සහ නිර්දේශ මත වුවත් ලංකාවේ බොහෝ තීන්දු තීරණ ගනු ලබන්නේ දේශපාලන බල අධිකාරිය නිසා එය බරපතල ගැටලුවක් වී ඇති බව ඔහු වැඩි දුරටත් පවසා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu