gossiplanka alexa දුර්ලභ සඳුන් ශාක දැක ගත හැකි ජාතික සඳුන් උයන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දුර්ලභ සඳුන් ශාක දැක ගත හැකි ජාතික සඳුන් උයන

national sandalwood gardenත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර ඉදිකරනු ලැබූ ''ජාතික සඳුන් උයන'' අද (20) ජනතා අයිතියට පත් කරනු ලබනවා. මෙම ජාතික සඳුන් උයන නිර්මාණය කරනු ලැබූයේ ''සෞභාග්‍යයේ දැක්ම'' ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුවයි. 

මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 9ක් වූ ඉතා ඉහළ ආර්ථික වටිනාකමකින් යුත් ඉඩමක් යොදා ගෙන තිබෙනවා. ජාතික සඳුන් උයන නිම කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 294ක්. අදාළ නිම කිරීම් අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වුණා. 

ජාතික සඳුන් උයන ශ්‍රී ලංකාවේ ඇති දුර්ලභ වටිනා රත් හඳුන් ශාක 300කින් සහ සුදු හඳුන් ශාක 900කින් සමන්විත වනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ උයනේ රෝපිත ශාක වඩාත් ආරක්ෂා වීමට පොළොව මට්ටමේ සිට අඩි 2ක් පමණ උස පස් පීඨිකාවක පැළ සි‍ටුවා තිබීමයි. එසේම පසේ තෙතමනය රඳවා ගැනීමට සහ පැළවලට අවශ්‍ය ජලය ලබා ගැනීමට මුගුණුවැන්න පැළ වගා කර තිබෙනවා. 

ජාතික සඳුන් උයනට ඇතුළු විය යුත්තේ විශාල ජල පොකුණු දෙකක් මැදින් වන අතර මෙම උයන වෙනස්ම ආකාරයේ පරිසර හිත මිතුරු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වනවා. පොකුණු දෙක මැදින් තැනූ උස් වේදිකාවක ප්‍රවේශ මාර්ගය පිහිටා ඇති අතර එම මඟ දෙපස ඉහළ බිත්ති 08ක් බැඳ තිබෙනවා. එම බිත්ති මතින් නිරන්තරයෙන් දිය ඇල්ලක ස්වරූපයෙන් ජල ධාරා ඇද හැලෙන ලෙස නිර්මාණය වී තිබෙනවා. 

ව්‍යායාම් කිරීමට, යෝග වැඩසටහන් කිරීමට මෙන්ම භාවනා වැඩසටහන් සඳහා ද සුදුසු පරිසරයක් මෙහි නිර්මාණය වී තිබෙනවා. එසේම විවෘත රථ ගාලක් මෙන්ම සනීපාරක්ෂක පහසුකම්වලින් ද මෙම උද්‍යානය සමන්විත වනවා. 

national sandalwood garden opening


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu