gossiplanka alexa ඩෙල්ටා ව්‍යාප්තිය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඩෙල්ටා ව්‍යාප්තිය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

warning from PHI about delta spreadingකොරෝනා 'ඩෙල්ටා' ප්‍රභේදය ආසාදිතයින් 35කට වැඩි ප්‍රමාණයක් මෙරටින් හඳුනාගෙන ඇති අවස්ථාවක තවත් ඩෙල්ටා ආසාදිතයින් 300කට වැඩි ප්‍රමාණයක් මෙරට තුල සිටිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

එන්නත් ආවරණය මෙරටට වඩා වැඩි ලොව බලවත් රටවල් පවා මෙම ඩෙල්ටා වෛරස ව්‍යාප්තිය නිසා අඩපණ වී තිබෙන බවත් එම රටවල් දරුණුම කොවිඩ් තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටින බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙනවා. මේ වන විට බොහෝ රටවල් නැවතත් අඟුළු දමන තත්ත්වයට පවා පත්ව ඇති බව සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. 

ඩෙල්ටා වෛරසය මෙරට තුළ පැතිර යන මෙවන් අවස්ථාවක සංචරණ සීමා ලිහිල් කිරීමෙන් සහ ජනතාව නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් ඉදිරි දින කිහිපයේ දී ලංකාවේ ප්‍රමුඛව ව්‍යාප්තවන වෛරස් ප්‍රභේදය ලෙස ඩෙල්ටා වෛරසය පත් විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. එසේ ප්‍රමුඛතම ප්‍රභේදය ලෙස ඩෙල්ටා ප්‍රභේදය පත් වුවහොත් ලංකාව මීට කලින් මුහුණ දුන් වසංගත තත්ත්වයන් දෙකටම වැඩිය අවදානම් තත්ත්වයකට මුහුණ දිමේ හැකියාවක් ඇති බව එම සංගමය වැඩි දුරටත් පවසනවා. 

මේ මොහොතේ සිට හෝ රජය සහ ජනතාව මෙහි ඇති බැරෑරුම්කම නොසලකා කටයුතු කලහොත් ලංකාව ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට පත් විය හැකි බවයි උපුල් රෝහණ මහතා තවදුරටත් අවධාරණය කර සිටින්නේ.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu