warning to parents about children healthකුඩා දරුවන්ට කුමන හෝ රෝග ලක්ෂණයක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් දෙමව්පියන්ට දන්වනවා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දෙමව්පියන් දරුවන් වෛද්‍යවරුන් වෙත යොමු කිරීමට දෙමව්පියන් මැලිකමක් දැක්වීම නිසා දරුවන් දැඩි අනතුරකට මුහුණ පා සිටින බව ඔවුන් පෙන්වා දෙනවා. 

මේ දිනවල දරුවන් අතර පාචන රෝග තත්ත්වයන්, වෙනත් ශ්වසන රෝගී තත්ත්වයන් ආදිය පැතිර යන බැවින් දරුවන් රෝගී තත්ත්වයෙන් පසුවන්නේ නම් නොපමාව වෛද්‍ය උපදෙස් පිළිපඳින ලෙස කොළඹ රිජ්වේ ආර්්‍යයා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා දැනුම් දෙනවා. 

කොවිඩ් එන්නත් ලබා ගෙන ඇති වැඩිහිටියන් වුව ද ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කල යුතු බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.