gossiplanka alexa චීනයට දරුණු ගංවතුරක්, වර්ෂාව දිගටම පවතින බැවින් තත්ත්වය තවත් බරපතලවන ලකුණු - VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයට දරුණු ගංවතුරක්, වර්ෂාව දිගටම පවතින බැවින් තත්ත්වය තවත් බරපතලවන ලකුණු - VIDEO

china flood with heavy rainධ්‍යම චීනයේ හෙනන් පළාතට ධාරානිපාත වර්ෂාපතනයක් ඇද හැලෙමින් තිබීම හේතුවෙන් එහි බරපතල ජල ගැලීම් තත්ත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බීජිං අගනුවර සිට කිලෝමීටර 700ක දුරින් පිහිටා ඇති මෙම ප්‍රදේශයේ කෝටියකට ආසන්න පිරිසක් ජීවත්වන අතර මේ වන විට දස දහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති බව පැවසෙනවා. 

දින 3ක් තුළ එම ප්‍රදේශයට මිලිමීටර් 617ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර එය සමාන්‍යයෙන් වර්ෂයක් පුරා ලැබෙන මිලිමීටර් 640ක වර්ෂාපතනයට ආසන්නය. තව දුරටත් එම ප්‍රදේශයට වර්ෂාව ඇද හැලෙමින් පවතින බැවින් ගංවතුර තත්ත්වය ඉතා දරුණු විය හැකි බව එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා. ගංවතුර තත්ත්වය හේතුවෙන් දැනටමත් පුද්ගලයින් 1,44,660ක ප්‍රමාණයක් බලපෑමට ලක්ව තිබෙනවා. 

ශෙංෂෝ නගරයේ පුද්ගලයින් 12 දෙනෙක් ගංවතුරට ගොඳුරු වීමෙන් මියගොස් ඇති අතර ඔවුන්  උමං දුම්රිය මාර්ගයක් තුළ කො‍ටු වී සිටි බවට තොරතුරු අනාවරණය වනවා. එසේම මේහෙම් ප්‍රදේශයේ උමං දුම්රිය මාර්ගයක කරවටක් වතුරේ කො‍ටුවී සිටින තවත් මගීන් පිරිසක් පිළිබඳව ද තොරතුරු වාර්තා වනවා.

ලුවෝයැං ප්‍රදේශයේ Yihetan වේල්ල කොයියම් හෝ මොහොතක බිඳ වැටෙනු ඇතැයි අනතුරු අඟවා ඇති අතර මෙම වේල්ල මීටර් 20කින් යුක්ත වනවා. ලක්ෂ 70ක පමණ පිරිසක් මෙම වේල්ල පහළ ප්‍රදේශයේ ජීවත්වනවා. 

මෙවැනි අධික වර්ෂාවක් පතනය වන්නේ වසර 10කට වරක් යැයි කාලගුණ විද්‍යාඥවරයෙකු පවසා තිබෙනවා. එසේම පවතින වාතාවරණය අත්‍යන්තයෙන් බරපතළ බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu