gossiplanka alexa ඉන්දියාව නැවතත් භයානක තත්ත්වයක් අභියස, තෙවන ‍රැල්ලක බියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාව නැවතත් භයානක තත්ත්වයක් අභියස, තෙවන ‍රැල්ලක බියක්

india-third-covid-waveඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය නිසා කොරෝනා දෙවන ‍රැල්ලක් මතුව ඉතාමත් දරුණු තත්ත්වයකට පත්ව තිබූ ඉන්දියාවේ මේ වන විට තවත් කොරෝනා බියක් මතුව තිබෙනවා. කොරෝනා දෙවන ‍‍රැල්ලෙන් දිනකට ලක්ෂ 4 ඉක්මවා රෝගීන් වාර් තා වූ අතර මේ වන විට එම තත්ත්වය බොහෝ දුරට සමනය වී ඇති බවත් දක්නට තිබෙනවා. 

නමුත් එම බිහිසුණු තත්ත්වය තවමත් සමනය වී නොමැති බව ඉන්දියාවේ වෛරසවේදීන් පවසනවා. ඒ ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්‍රභේදයක් වන ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ආසාදිතයින් මේ වන විට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබීම හේතුවෙන්. මෙම ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යන යන බැවින් කොරෝනා තෙවන ‍රැල්ලක් මතුවීම ගැන විද්‍යාඥයින් දැඩි ආතතියකින් පසුවනවා. 

මෙම ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයේ ස්වභාවය, හැසිරීම පිළිබඳව තවමත් විද්‍යාඥයින් නිශ්චිතව අවබෝධ කරගෙන නොමැත. මෙම ප්‍රභේදය පවතින එන්නත්වලින් පවා මර්දනය කිරීමට අපහසු ප්‍රභේදයක් වුවහොත් එය තවත් භයානක වනු ඇති බව ඔවුන් සැක පළ කරනවා. ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයට පෙනහළුවලට වඩාත් තදින් ඇලී සිටීමේ හැකියාවක් පවතිනවා. ඒම නිසාම එහි භයානකකම තවත් වැඩි වී තිබෙනවා. 

පසුගිය අඟහරුවාදා වන විට (22) ඉන්දියාවෙන් ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ආසාදිතයින් 22ක් පමණ වාර්තා වී තිබූ අතර බදාදා වන විට එය 40 දක්වා වැඩි වී තිබුණා. තවමත් ආසාදිතයින් වාර්තා වන්නේ සුළු වශයෙන් වුව ද ඉන්දියාවේ දෙවන ‍රැල්ල උත්සන්න වූයේ ද එවැනි සුළු පිරිසක් හමුවීමෙන් අනතුරුවයි. එම නිසා ඉතා සුළු කාලයක් තුළ තත්ත්වය ඉතා භයානක විය හැකි බව විද්‍යාඥයින්ගේ අදහස වී තිබෙනවා. 

දෙවන ‍රැල්ල පවතින අවස්ථාවේ දී පවා ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල සංචරණ සීමා ලිහිල් කිරීම දක්නට ලැබෙන අතර ජනතාව ද සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් පිළිබඳව සැලකිල්ලක් නොදක්වන බවට ද වාර්තා පළ වනවා. ඒ නිසා කොවිඩ් ප්ලස් ප්‍රභේදය ද සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තෙවන ‍රැල්ලක් ඇති විය හැකි බවයි විශේෂඥයින් අනතුරු අඟවන්නේ. 

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මුලින්ම වාර්තා වූයේ මහාරාෂ්ට්‍ර, කේරළ සහ මධ්‍ය ප්‍රදේශ යන ප්‍රාන්තවලයි. නමුත් මේ  වන විට ජම්මු සහ කාශ්මීර, තමිල්නාඩු, කර්ණාටක, යන ප්‍රාන්තවලද ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. 

ඉන්දියාව හැරුණු විට එක්සත් රාජධානිය, අමෙරිකාව, පෘතුගාලය, ස්විට්සර්ලන්තය, ජපානය, පෝලන්තය, නේපාලය, චීනය සහ රුසියාව යන රටවලින් ද ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර ඒ හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් ද නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu