gossiplanka alexa ලංකාවේ ඩෙල්ටා පැතිරීම 70%කින් වැඩිවේ, බරපතල තත්ත්වයක් මතුවීමේ අවදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාවේ ඩෙල්ටා පැතිරීම 70%කින් වැඩිවේ, බරපතල තත්ත්වයක් මතුවීමේ අවදානමක්

delta covid strain spread srilankaශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම 70%කින් පමණ ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පවසනවා. 

ඒ හේතුවෙන් ජනතාව දැඩි වගකීමකින් කටයුතු නොකළහොත් නැවතත් දිවයිනටම සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇති බව ඇය පවසනවා. 

සංචරණ සීමා ලිහිල් කළ ද මහජනතාව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපඳිමින් වැඩ කටයුතු සිදු කල යුතු බව වෛද්‍යවරිය අවධාරණය කරනවා. 

මේ අතර තව සති 8ක කාලයක් තුළ මෙරට ප්‍රධානතම වෛරස් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය විය හැකි බව වෛද්‍යවරුන් දැනුම් දී තිබෙනවා. මේ පිළිබඳව දැනුම් දෙමින් රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ ජනතාව නිසි මාර්ගෝපදේශ පිළිනොපදින්නේ නම් ඉතා බරපතල තත්ත්වයක් මෙරට තුළ ද ඇති විය හැකි බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu