gossiplanka alexa ඔක්සිජන් මත යැපෙන රෝගීන් සීඝ්‍රයෙන් ඉහළට, භයානක ඉරණමකට රට පත් විය හැකියි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔක්සිජන් මත යැපෙන රෝගීන් සීඝ්‍රයෙන් ඉහළට, භයානක ඉරණමකට රට පත් විය හැකියි ?

oxygen patient increaseක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එය 120%කින්  ඉහළ ගොස් ඇති බවයි ඔහු පවසා සිටින්නේ. 

ඔක්සිජන් මත යැපෙන රෝගීන් 133 දෙනෙකු සිටි අතර පසුගිය දින හතර තුළ පමණක් එවැනි රෝගීන් 300කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසනවා. 

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාතික එන්නත්කරණ උපදේශක කමි‍ටුව නිර්දේශ කර ඇති පරිදි ප්‍රමුඛතා ලැයිස්තු හරහා එන්නත්කරණය සිදු නොකළහොත් තත්ත්වය ඉතා අවදානම් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා වැඩි දුරටත් පවසා සිටිනවා. 

එන්නත්කරණය තුළින් කොවිඩ් මරණ අඩු කර ගැනීම රෝගය මර්දනය කිරීමේ පළමු පියවර බවත් ඒ සඳහා වයස අවුරුදු 60ට වැඩි සියළු දෙනාට මුලින්ම එන්නත් ලබාදීම අනිවාර්ය බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා. වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා ඇතුළු එම අංශයේ සේවය කරන ප්‍රධානීන් තිදෙනාම මේ තත්ත්වය තේරුම් නොගෙන එන්නත්කරණය අයාලේයෑමට ඉඩහැරියොත් රට භයානක ඉරණමකට ගොඳුරුවීම වැළැක්විය නොහැකි බව සෙනාල් ප්‍රනාන්දු මහතා අවධාරණය කරනවා. 

මෙරට සිටින මිලියන 2.7ක් වෙනුවෙන් එන්නත් මාත්‍රා මිලියන 5.4ක් ලබා දිය යුතු නමුත් මිලියන තිහක් පමණ එකවර ගෙන්වා එකවර එන්නත ලබා දීමට හැකියාවක් නොමැති හෙයින් ලැබෙන එන්නත් ප්‍රමුඛතා පිළිවෙලට ලබා දීම සිදු කල යුතු බවයි ඔහු වැඩි දුරටත් අවධාරණය කරන්නේ. 

භූතානය වැනි රටවල් එන්නත් තොග ගෙන්වා රටේ ජනතාවගෙන් 65%-70% අතර පිරිසක් වෙත එන්නත්කරණය කිරීමේ ක්‍රමෝපාය හරහා එරට කොවිඩ් පාලනය කරගත් බව ද වෛද්‍යවයා පෙන්වා දෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu