gossiplanka alexa ''PHI වරුන්ටත් බේරීමට අසීරු තත්ත්වයක්, රට වසා දමන්න'' - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''PHI වරුන්ටත් බේරීමට අසීරු තත්ත්වයක්, රට වසා දමන්න'' - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දෛනිකව වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඉහළ යන මට්ටමක පවතින බැවින් ඔවුන් නිසි අයුරින් කළමනාකරණය කරගෙන ‍රැඳවුම් මධ්‍යස්ථාන කරා යොමු කිරීමට සහ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීම අවශ්‍යව පවතින බවත් ඒ හේතුවෙන් රට දින කිහිපයකට හෝ වසා දැමිය යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. 

මෙම අවදානම හමුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ද බේරීමට අසීරු තත්ත්වයක් මතු වී අතැයි ද ඔහු වැඩි දුරටත් කියා සිටිනවා. 

ආසාදිත පිරිස් යොමු කිරීමට මේ වන විටත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ නොමැති නිසා ආසාදිතයින්ට දින දෙක තුනක් වැනි කාලයක් නිවෙස්වල ‍රැඳී සිටීමට සිදුවන බැවින් මෙසේ දිගින් දිගටම විශාල ආසාදිතයින් ප්‍රමාණයක් ක්ෂේත්‍රයේ සිටීමෙන් ආසාදිතයින් කළමනාකරණය කර ගැනීමේ අසීරු තත්ත්වයක් මතුව ඇති බව උපුල් රෝහණ මහතා පවසනවා. 

කෙසේ වෙතත් රටම ලොක්ඩවුන් කිරීමට තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත් හදිසි අවස්ථාවක දී භාවිතා කිරීමට අත්‍යාවශ්‍ය භාණ්ඩ යම් ප්‍රමාණයක් වැඩිපුර නිවස තුළ ගබඩා කර තබා ගන්නා ලෙසත් කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu