gossiplanka alexa ගැබිණි මවුවරුන් අතිශයින් කොවිඩ් වෛරසයෙන් ප්‍රවේසම් විය යුතුයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගැබිණි මවුවරුන් අතිශයින් කොවිඩ් වෛරසයෙන් ප්‍රවේසම් විය යුතුයි

ගැබිණි මවුවරුන් දැනට ව්‍යාප්තව යන කොවිඩ් ප්‍රභේදයට ගොඳුරු වුවහොත් ගැබිණි මවුවරුන් ‍රැකබලාගැනීමේ දුෂ්කරතාවයක් මතු විය හැකි බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසනවා. 

මේ හේතුවෙන් ගැබිණි මවුවරුන් අතිශයින්ම ප්‍රවේසම් විය යුතු බව ඔහු පෙන්වා දෙනවා.

පෙර පැවති දෙවන ‍රැල්ලට වඩා වේගයෙන් සහ දරුණු අන්දමින් නව වෛරස් ප්‍රභේදය පැතිරයන බැවින් ගැබිණි මවුවරුන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමය කිරීම අත්‍යාවශ්‍ය බව ද නැතිනම් තත්ත්වය ඉතා ඛේදනීය වන බව ද සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටිනවා. 

මෙම වෛරසට ගොඳුරු වීමට වැඩි ඉඩ කඩක් ඇති බවට හඳුනාගෙන ඇති කණ්ඩායමක් ලෙස ගැබිණි මවුවරුන් සඳහන් කර තිබෙනවා. අධික තරබාරුව, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි දෑ ගැබිණි මවුවරුන්ට පොදු සංකූලතා ඇති කරන ශාරීරික තත්ත්වයන් බවයි වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසන්නේ. එසේම ‍රැකියා සඳහා පොදු ප්‍රවාහන භාවිතා කිරීම, මහජනයා සමඟින් ගැටෙමින් රාජකාරී සිදු කිරීම, සේවකයින් වැඩි සංඛ්‍යාවක් සිටින ස්ථානවල රාජකාරී කිරීම ඔවුන්ට අවදානම් ඇති කරන බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ. 

කොවිඩ් වෛරසයට එරෙහි එන්නත ලබා ගැනීමෙන් කලලයට හානියක් නොවන බව විද්‍යාත්මකව තහවුරු වී ඇති නිසා ගැබිණි මවුවරුන්ට එන්නත ලබා දිය යුතු යැයි අනුමාන කරන බව ද ඔහු පවසනවා. 

මේ වන විට ලංකාවේ කොවිඩ් 19 වෛරස ආසාදිත ගැබිණි මව්වරු තිදෙනෙක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින අතර නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ගැබිණි මවක් දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu