gossiplanka alexa ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමි‍ටුවට යෝජනා වී ඇති නම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමි‍ටුවට යෝජනා වී ඇති නම්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාව නැංවීම සඳහා නව තේරීම් කමි‍ටුවක් පත් කිරීමට මේ වන විට අවධානය යොමුව පවතිනවා. මේ සඳහා හිටපු විශිෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම නම් යෝජනා වී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා. 

අරවින්ද ද සිල්වා, රංජිත් ප්‍රනාන්දු, මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ නම් ද මේ අතර වන බව සඳහන්.

එසේම යෝජනා වී ඇති නම් අතර ප්‍රමෝදය වික්‍රමසිංහ, රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, කපිල විජේගුණවර්ධන, වරුණ වරාගොඩ යන නම් ද ඇති අතර මින් තිදෙනෙකු නව ක්‍රිකට් තේරීම් කමි‍ටුවට ‍තෝරා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙසේ පත්වන නව ක්‍රිකට් කමි‍ටුව මඟින් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හා පුහුණුකරුවන්ගේ  ප්‍රගතිය අධීක්ෂණය කිරීම සිදුවනු ඇති බවයි පැවසෙන්නේ.
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu