gossiplanka alexa ''වෛද්‍ය ගයාන්ගේ මරණයත් සමඟ සෞඛ්‍ය වෘත්තිකයින් තිගැස්මක, යථාර්තය රටට හෙළි කරනවා''- වෛද්‍ය හරිත අලුත්ගේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''වෛද්‍ය ගයාන්ගේ මරණයත් සමඟ සෞඛ්‍ය වෘත්තිකයින් තිගැස්මක, යථාර්තය රටට හෙළි කරනවා''- වෛද්‍ය හරිත අලුත්ගේ

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දහසක් පමණ මේ වනවිට කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. එසේම ඔවුන්ගේ ආශ්‍රිතයින් සංඛ්‍යාව ද සැලකිය යුතු මට්ටකින් ඉහළගොස් ඇති බවයි ඔහු ඊයේ (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර ඇත්තේ. 

දෙවෙනි කොරෝනා ‍රැල්ල හේතුවෙන් වෛද්‍යවරුන් 100 දෙනෙකුට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍යවරයා පවසනවා.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා ජීවිතක්ෂයට පත් වීමත් සමඟම සෞඛ්‍ය වෘත්තිකයන් තිගැස්මට පත්ව ඇති බව වෛද්‍ය වරයා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කලා. සෞඛ්‍ය වෘතිකයින් කොරෝනා වෛරසයට ගොදුරු වීම තුළ මෙරට සෞඛ්‍ය පද්ධතිය විශාල කඩාවැටීමකට ලක්විය හැකි බවත් සෞඛ්‍ය වෘත්තිකයින්ට විශ්වාසයෙන් යුතුව රාජකාරි කල හැකි පරිසරයක් නිර්මාණය කිරීම සෞඛ්‍ය බලධාරීන් සතු වගකීමක් බවත් වෛද්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

''අපි ඇත්ත කතා කරනකොට ජනතාව බය කරන බිල්ලො මවනවා කියන චෝදනාව අපට තියනවා. අපි ඒ චෝදනාවට බයේ ඉන්නෙ නෑ. යථාර්තය රටට හෙළි කරනවා. ගයාන්ගේ වගේ මරණ ඉදිරියට නොවෙන්න කටයුතු කරනවා.''

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් පවසා සිටියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu